Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

නේපාලයේ ‘කත්මන්ඩු’ නුවර දී පැවැත්වෙන මධ්‍යම ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් (කාන්තා) තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානය හමුවේ වට 3-1ක පරාජයක් ලැබීය. මෙය ශ්‍රී ලංකාව තරගාවලියේ අත්කර ගත් දෙවැනි පරාජයයි.

සඳුදා පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව, උස්බෙකිස්ථානය හමුවේ වට 3-0 ක පරාජයක් ලැබීය.  
කෙසේ වුවත් මෙම තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් ප්‍රතිවාදිනියන්ට තියුණු සටනක් දීමට සමත්වීම කැපී පෙනුනි.

ශ්‍රී ලංකාවට එරෙහිව කසකස්තානය ලකුණු 25/16, 28/26, 18/25, 29/27ක ජයක් වාර්තා කර සිටියේය. මුල් වටය හැරෙන්නට සෙසු වට තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රතිවාදිනියන්ට තියුණු අභියෝගයක්වීම කැපි පෙණුනි. එහිදී තෙවැනි වටයේ ජය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

උස්බෙකිස්ථානයට එරෙහිව පැවති තරගය ලකුණු 27/25, 25/20, 25/14ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.  මෙහි පළමු හා දෙවැනි වට දෙකේදීම ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණත් උස්බෙකිස්ථාන ක්‍රීඩිකාවෝ ලකුණු හඹා ගොස් එම වට දෙකේම ජය තහවුරු කර ගත්හ.

නේපාලය පසුගිය තරගාවලියේ ශූරියන් වන මෙවර තරගාවලියේදීත් ඔවුන් ඊයේ වන විටත් බංග්ලාදේශය හා කිරිකිස්තානයට එරෙහිව එතෙක් සහභාගිවී සිටි තරග දෙකෙන්ම ජය ලබා තිබුණි. කෙසේ වුවත් තරග දෙකක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව අද නේපාලයට එරෙහිව තරගයේ ජය වාර්තා කළත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබෙන අවස්ථාව ඉතා අඩුය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.