Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ‘මාලේ’ නුවර සිට)

වසර 19 කින් ශ්‍රී ලංකාවට පරාජය නොවූ මාලදිවයින  ඉරිදා (10) 13  වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මුණ ගැසෙයි. ‘මාලේ’ නුවර ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේදී දෙරට අතර මෙම තරගය ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරැ 4.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගිවීමට මෙම තරගයෙන් අවසන් වේ.  එය ඔවුන් මූලික වටයේදී මුහුණ දෙන සිව්වැනි තරගයයි.  ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉවතට විසිවී තිබේ. එහෙත් මාලදිවයින යනු පසුගිය (2018) තරගාවලියේ ශූරයන්ය.
එබැවින් මෙම තරගය ජය ගතහොත් එයින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිරෑපය නංවා ගැනීම හැරෙන්නට ඔවුන්ට තරගාවලියේ වෙනත් බලපෑමක් කිරීමට එයින් අවස්ථාවක් නොලැබේ. දෙරටේ ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසය සොයා බැලීමේදී අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවුවහොත්, එය වාර්තා පොතට එක්වන්නකි.

මේ දක්වා මාලදිවයින මුණ ගැසුණු ජාත්‍යන්තර තරග 19 කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග තුනක් (3)  පමණි. ඉන් තරග නවයක ජය මාලදිවයින අත් කර ගෙන තිබේ.  ඉතිරි තරග හතක් ජය පරාජයයෙන් තොරව අවසන්වීමෙනි.

1993 දී ආරම්භ වූ සාෆ් ශූරතා පාපන්දු තරගාවලියේ මෙතෙක් කිසිදු අවස්ථාවක මාලදිවයිනට එරෙහිව ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටීම වඩාත් වැදගත්ය.
ශ්‍රී ලංකාව 1984 දී පළමු වතාවට මාලදිවයින සමග පළමු නිල ජාත්‍යන්තර පාපන්දු තරගයට සහභාගිවීමේදී ගෝල 5-2 ක උසස් ජයක් වාර්තා කර තිබේ. එහෙත් 1991 දකුණු විය. එතැන් සිට ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ශ්‍රී ලංකාව අභිබවා මාලදිවයින ඉදිරියට පැමිණ ඇති බව වාර්තා පොත පිරික්සීමේදී පෙනෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මාලදිවයිනට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරග ජයක් ලබා ඇත්තේ 2002 තරම් ඈතකදීය. සුහද ජාත්‍යන්තර තරගයක් වූ එහිදී ගෝල 1-0 ක ජයක් ලද ශ්‍රී ලංකාව වසර 2000 දී ද ‘මාලේ රිදී ජුබිලි’ තරගාවලියේදී ගෝල  1-0 කින් මාලදිවයින පරාජය කර තිබේ.

සාෆ් ශූරතා පාපන්දු තරග ඉතිහාසයේ  ශ්‍රී ලංකාව මුහුණ දුන් දරැණුම පරාජය වාර්තා වන්නේද මාලදිවයිනට හමුවේය. 2013 කත්මන්ඩු තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ ගෝල 10-0 කින් පරාජයට පත්වීම තරගාවලියේ මෙතෙක් එක් පිලක් ප්‍රතිවාදීන්ට එරෙහිව එක් තරගයකදී වාර්තා කළ වැඩිම ගෝල එකතුවද වේ.

කෙසේවුවත් බ්‍රහස්පතින්දා (7) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. ඒ අතර මාලදිවයින එදිනම පැවැති තරගයකදී බංග්ලාදේශය ගෝල 2-0 කින් පරාජය කළේය. මෙම කාරණා දෙස බැලීමේදී ඉරිදා තරගයට දෙපිලට සහභාගි වන්නේ වඩාත් යහපත් මානසිකත්වයකින් බව පැහැදිලිය.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මාලදිවයින 152 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ 205 වැනි ස්ථානයේය.

 ඉරිදා තරගය පිලිබඳව ශ්‍රී ලංකා නායක  සුජාන් පෙරේරාගේ අදහස වන්නේ තරගයක් ජය ගනිමින් නැවතත් ශ්‍රී ලංකාවට යාමේ අදිටනෙන් මෙම තරගයට වඩාත් විශ්වාසයෙන් මුහුණ දෙන බවයි.
පසුගිය තරගාවලියේ අනුශූරයන් වූ ඉන්දියාව ඉදිරියේදී පෙරදා  තරගයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විලාසය වඩාත් හොඳ මට්ටමක පැවැති බැවින් ඉරිදා තරගයේදී මාලදිවයින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ එය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලෙස සැලකිය හැකිය.

මේ වනවිට ශ්‍රී ලංකාව මාලදිවයින (1-0) හා නේපාලය (3-2) හමුවේ ලද පරාජයන් නිසාත්  ඉන්දියාව සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම නිසාත්,  ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියේ ඇත්තේ එකම ලකුණක් පමණි.

 තරගාවලියේ මෙතෙක් ප්‍රතිඵලය විමසීමේදී ඉරිදා නේපාලයට එරෙහිව සිය තෙවැනි තරගයට සහභාගි වන ඉන්දියව යම් අවදානම් තත්ත්වයක පසුවේ. එම තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් නොවන්නේ නම් මෙවර අවසන් මහා තරගයේ අවස්ථාව ඔවුන්ට බොහෝ දුෂ්කර තත්ත්වයක් ගනු ඇත.

මන්දයත් මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට දෙපිල නිර්දේශ වන්නේ මූලික වටයේ වැඩිම  ප්‍රසාද ලකුණු ලාභීන් දෙදෙනා අතර වීමෙනි. එම අවස්ථාව කරා තරග දෙකක් ජය ගනිමින් නේපාලය වඩාත් විශ්වාසයෙන් යුතුව ළඟාවී සිටියි. නේපාලයට ඉරිදා තරගයේ ජය ලැබීම් යනු තවත් තරගයක් ඉතිරිව තිබියදී ඔවුන් අවසන් මහ තරගයට පිවිසීම තහවුරු කිරීමකි.

 එහිදී වඩාත්ම වැදගත්කම වන්නේ තෙවැනි ස්ථානයක් හිමිකර ගැනීම හැරෙන්නට නේපාලය මෙතෙක්  තරගාවලියේ අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා නොතිබීමයි.


මාලදිවයිනට එරෙහිව සිය අවසන් ජාත්‍යන්තර තරග 10දී  ශ්‍රී ලංකාව අත්කර ගත් ප්‍රතිඵල.

1. 2000-(මාලේ රිදී ජුබිලි):-ගෝල 1-0ක ජයක්
2. 2002-(සුහද)-ගෝල 1-0 ජයක්
3. 2002-(සුහද)-සම විය (1-1)
4. 2004-(සුහද)-ජය පැරදුමෙන් තොරයි (0-0)
5. 2005-(සාෆ් ශූරතා)-ගෝල 2-0ක පරාජයක්
6. 2008-(සාෆ් ශූරතා)-ගෝල 1-0ක පරාජයක්
7. 2009-(සුහද)-ගෝල සමවිය (1-1)
8. 2009-(සාෆ් ශූරතා)-ගෝල 5-1ක පරාජයක්
9. 2013-(සාෆ් ශූරතා)-ගෝල10.0ක පරාජයක්
10. 2018- (සාෆ් ශුරතා)- ජයපරාජයෙන් තොරයි (0-0)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.