Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විනය කඩ කළ චාමිකට ලක්ෂ 18 ක දඩයක්

විනය කඩ කළ චාමිකට ලක්ෂ 18 ක දඩයක්

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාල වගන්ති කිහිපයක් කඩකිරීම සම්බන්ධයෙන් තුන් ඉරියව් චාමික කරුණාරත්නට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවලට ඔහු වරදකරු බව විනය පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මෙම පරීක්ෂණය මෙහෙයවනු ලැබ ඇති අතර නීතීඥ නිරෝෂණ පෙරේරා මහ නීතීඥ අසේල රැකව යන මහත්වරු එම කමිටුවට ඇතුළත් සෙසු සාමාජිකයෝ වූහ.

චාමික විසින් සිදු කර ඇති විනය කඩකිරීම්වල බරපතළකම සැලකිල්ලට ගනිමින් ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාව මගින් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට නිර්දේශ කර ඇත්තේ චාමිකට යළිත් වරක් විනය කඩනොකරන ලෙසට තරයේ අවවාද ලෙසත්, ඔහුගේ ක්‍රීඩා දිවියට බලපෑමක් නොවන දඬුවමක් ඔහුට නියම කරන ලෙසත්ය.

ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව චාමිකට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක තහනමක් පැනවීමටත්, එම තහනම වසරක කාලයකට අත්හිටුවීමටත් පියවර ගෙව තිබේ.

එම අත්හිටවූ තරග තහනමට අමතරව ඔහුට ඇමෙරිකානු ඩොලර් 5,000 ක දඩයක් නියම කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගෙන ඇති අතර එය මේ වන විට පවතින විනිමය අනුපාතය අනුව දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18 ක් (1,827,800) ඉක්මවනු ඇත.

 


අදහස් (0)

විනය කඩ කළ චාමිකට ලක්ෂ 18 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.