Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ෂාව පැමිණ සැලසුම් වෙනස් කරයි
පළමු ටෙස්ට් තරගය (තුන්වැනි දිනය)

වර්ෂාව පැමිණ සැලසුම් වෙනස් කරයි

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානමෙන් මිදුණු කොදෙව්වෝ මුල් ඉනිමේ අවාසිය අඩුකරගැනීමේ උත්සාහයක නිරතව සිටියදී ගාල්ල කී‍්‍රඩාංගණයට වර්ෂාව පැමිණි හෙයින් තරගය නතර කිරීමට සිදුවිය. ‘යෝධයා’ රකීම් කොන්වෝල්ගේ උඩපන්දුව රමේෂ් මෙන්ඩිස් විසින් රැකගනු ලැබීමත් සමගම වර්ෂාව පැමිණි හෙයින් විනිසුරුවෝ තරගය නවතා කී‍්‍රඩාගාරයට ගියහ.

තරගයේ තුන්වැනි දිනය වන අද (23 වැනිදා) දිවා ආහාර විවේකයය පසුවී විනාඩි 25 ක් පමණ ගතවන විට කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියද ශී‍්‍ර ලංකාව තවත් ලකුණු 162 ක් ඉදිරියෙන් සිටියේය.

එතැන් සිට පැය තුනකට ආසන්න කාලයක් බලා සිටි නමුත් තරගය නැවතත් ආරම්භ කළ නොහැකි වූයෙන් දිනයේ කී‍්‍රඩාව අවසන් කරන බව පස්වරු 4.20 ට පමණ තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා නිවේදනය කළේය.

කොදෙව් ඉනිම අවසන් කර නැවතත් පිතිහරඹයට පිවිසීම සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අවශ්‍ය වූයේ තවත් එක කඩුල්ලක් පමණි. එම කඩුල්ල පෙනෙන මානයේදී වර්ෂාව කඩාවැදීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ සැලසුම් වෙනස් කරන්නට සිදුවී තිබේ.

අද පෙරවරුවේදී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කයිල් මේයර්ස් (45) සහ හිටපු නායක ජේසන් හෝල්ඩර් (36) පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවමානයෙන් කොදෙව් පිල මුදවාගැනීමේ මාවතට සිය කණ්ඩායම කැඳවාගෙන ගියහ. ප‍්‍රවීන් ජයවික‍්‍රමගේ පන්දුවක් හතරේ සීමාවෙන් එපිටට යැවූ, යෝධයකු බඳු සිරුරකින් හෙබි රකීම් කොන්වෝල්, කොදෙව් පිල එම අවමානයෙන් මුදාගත්තේ කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යා 189 දක්වා ඉහළ දමමිනි.
 
එතැන් සිට පන්දු 9 කින් ලකුණු 23 ක් උදුරාගත් රකීම් කොන්වෝල් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 200 න් ඔබ්බට ගෙන ගියේය.

දිවා අහාරයෙන් පසුවද කොන්වෝල්ගෙන් දඟ පන්දු යවන්නන්ට පහර වදින බව දුටු ශී‍්‍ර ලංකා නායකයා සිය වේග පන්දු යවන්නන් වෙත නැඹුරු වූයේය. ඒ වන විටත් දෙවැනි නව පන්දුව ( ඕවර 80 කින් පසු) අත පොවන මානයේ වූ බැවින් වේග පන්දු යවන්නන්ගේ මස්පිඬු සූදානම් කිරීම ඔහුගේ අභිප‍්‍රාය විය.

ලක්මාල්ගේ පළමු  ඕවරයේදීම ගැසූ ‘පුල්’ පහර වැරදී යාමෙන් කොන්වෝල්ගේ උඩපන්දුව එකතැන උඩගියේ ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රකිමින් සිටි රමේෂ් ද සිල්වාට පන්දුව යටට පැමිණීමට අවශ්‍ය තරම් කාලය ඉතිරි කරමිනි. එහෙත් වර්ෂාව, පිටියට පැමිණෙමින් සිටි අවසන් කොදෙව් පිතිකරුවා වූ ෂැනන් ගේබි‍්‍රයෙල්ව ආපසු හරවා යැවීය.

අහිමි වූ කාලය අත්පත් කරගැනීම සඳහා තරගය හෙට උදෑසන 9.45 ට ආරම්භ කිරීමට නියමිතය.



අදහස් (0)

වර්ෂාව පැමිණ සැලසුම් වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.