Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෞදියේ ජයෙන් ආජන්ටිනාව දෙදරයි
කටාර් - 2022

සෞදියේ ජයෙන් ආජන්ටිනාව දෙදරයි

editorial - 2022 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ආජන්ටිනාවට එරෙහිව ගෝල 2-1 ක විශ්මිත ජයග්‍රහණයක් ලැබීමට සෞදි අරාබිය අද (22) සමත් විය. මෙය ‘සී’ කාණ්ඩයේ තරගයක් වූ අතර මෙවර ලෝක කුසලාන දිනාගනු ඇතැයි අපේක්‍ෂා කරන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම පසුවන ආජන්ටිනාව ආසියාවේ රටකට පරාජය ලැබීම තුළින්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේදීම සළිතවී ගිය අයුරු පෙනේ. 

ලෝක පාපන්දු තරග ඉතිහාසයේ ආජන්ටිනාව සෞදි අරාබියට පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. අවසන් වරට වසර 2012 දී දෙරට අතර තරගයක් ජය පරාජයෙන් තොරව (0-0) අවසන් වී තිබේ.

ආජන්ටිනා නායක ලයනල් මෙසී 10 වැනි විනාඩියේ දී දඬුවම් පහරක් ආශ්‍රයෙන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ අපේක්‍ෂා ඉහළ නංවා ගත් අතර එය 35 හැවිරිදි මෙසී මෙතෙක් වාර්තා කළ 108 වැනි ජාත්‍යන්තර තරග ගෝලයයි.

එහෙත් 48 වැනි විනාඩියේ සිට තරගය වෙනස් කිරීමට සෞදි ක්‍රීඩකයෝ සමත් වූහ. සෙලා අල්සෙරි ලබාගත් ගෝලයෙන් අනතුරුව සලෙව් අල්දව්සාරි 53 වැනි විනාඩියේ දී රැස් කළ ගෝලය තරගයේ තීරණය උඩු යටිකුරු කළේය.

ආජන්ටිනාව මෙම තරගය පරාජය වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉහළම පසු විය. එහෙත් සෞදි අරාබියාව එවිට පසුවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයයි.

මෙම ජයග්‍රහණයත් සමග ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් සෞදි අරාබිය මෙම ජයග්‍රහණය ඊයේ ඉහළින් සැමරූ බව වාර්තාවේ. මෙම තරගය නැරඹීම සඳහා ලුසායිල් ඉකොනික් ක්‍රීඩාංගණයට 88,012 ක් රැස්ව සිටියහ.

මේ අතර නෙදර්ලන්තය විසින් සෙනගල් රාජ්‍යය ගෝල 2-0 කින් ‘ඒ’ කාණ්ඩයේ තරගයක දී පරාජයට පත්කළේය. එක්සත් ජනපදය හා වේල්සය අතර ඊයේ පැවැති ‘බී’ කාණ්ඩයේ තරගය ගෝල 1-1 කට සම විය.

මේ අතර අද (22) රාත්‍රියේ ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතර එඩියුකේෂන් සිටි ක්‍රිඩාංගණයේ පැවැති ඩී. කාණ්ඩයේ තරගය ලකුණු 0-0 කට ජය පැරදුමෙන් තොරව අවසන් විය.

හෙට (23) පැවැත්වීමට නියමිත තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)

  • ප්‍රංශය - ඕස්ට්‍රේලියාව අතර (‘ඩී’ කාණ්ඩය) මධ්‍යම රාත්‍රි 12.30ට
  • මොරොක්කෝව - ක්‍රොඒෂියාව (‘එෆ්’ කාණ්ඩය) පස්වරු 3.30ට
  • ජර්මනිය - ජපානය අතර (‘ඊ’ කාණ්ඩය) පස්වරු 6.30ට
  • ස්පාඤ්ඤය - කොස්ටාරිකා (‘ඊ’ කාණ්ඩය) රාත්‍රි 9.30

- 223


අදහස් (0)

සෞදියේ ජයෙන් ආජන්ටිනාව දෙදරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.