Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සංජීව ධර්මසේන)
උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් සමගින් ටෝකියෝ ඔලිම්පික් උළෙල එළඹෙන සිකුරාදා (23දා) ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, දිනෙන් දින ජපානයෙන් වාර්තාවන කෝවිඞ්-19 ආසාදිත සිදුවීම් හේතුවෙන් ක්‍රීඩා උළෙලට යම් යම් බලපෑම් මේ වනවිට එල්ලවෙමින් තිබේ.
කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෞඛ්‍යාරක්ෂිතව පසුවන අතර, ජපානයට පෙරේදා (19දා) ළං වූ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර්ගේ සිදුකළ කෝවිඩ්-19 පරීක්ෂණයද ඍණාත්මක වී ඇත. ඒ අනුව ඇය ඊයේ (20දා) සිට ටෝකියෝ ප්‍රධාන පිහිනුම් තටාකයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය. ශ්‍රී ලංකා සංචිතයේ සිටින ළාබාලතම සාමාජිකාව වන 17 හැවිරිදි අනිකා තායිලන්තයේ සිට පැමිණි අතර, ඇය පිහිනුම් මී. 100 සමනල ආර ඉසව්ව නියෝජනය කරයි.
මේ අතර ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වාද ඊයේ (20දා) ශ්‍රී ලංකා සංචිතය සමගින් එක් වූවාය. ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හිමිව තෙවසරක සිට ජපානයේ පුහුණුවීම් සිදුකරන මිල්කා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගිවන පළමු ක්‍රීඩිකාව වෙයි.
කෙසේ නමුත් ඔලිම්පික් ගම්මානය තුළ මේ වනවිට වැඩෙන කොවිඩ් පොකුරක අවධානමක් මතුවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොහෝ දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති හෙයින්, ස්වයං හුදෙකලා කිරීම් සඳහා යොමුකිරීමට සිදුව ඇත.
ඇමෙරිකානු යොවුන් ටෙනිස් ක්‍රීඩිකාවක වන 17 හැවිදිරි කොකෝ ගෝෆ්ටද කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ඇයට ඔලිම්පික් උළෙල මග හැරෙනු ඇත. ඇය විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ සිව්වැනි වටයට දක්වා ඉදිරියට ගිය අතර, වත්මන් කාන්තා ටෙනිස් ශ්රේ ණිගත කිරීම්හිද 25 වැනි ස්ථානයේ පසු වෙයි. ගොෆ්, සිය ට්විටර් ගිණුමේ කණගාටුදායක සටහනක් තබමින් පවසා ඇත්තේ, අවුරුදු 17දී සැබෑ වූ සිහිනයක් අහිමි වූ බවයි.
කෙසේ වෙතත් ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට බලාපොරොත්තු ඇති කරගැනීමේ තොරතුරුද වාර්තා වේ. ඒ, ලොව අංක එකේ ක්‍රීඩකයා වන සර්බියාවේ නොවාක් ජොකොවිච් සහ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන ඔස්ට්රේලියාවේඈෂ්ලෙයි බාර්ටි යන දෙදෙනාම ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවිනි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවෙකුගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුටද ටෝකියෝහිදී ස්වයං හුදෙකලා වී සිටීමට සිදුව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.