Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවරට

අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවරට

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැවැත්වීමට නියමිතව තිබූ සෙසු තරග කිහිපය අතහැර දමමින් 2022 නිපෝන් පේන්ට් අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරයන් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය නම් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඉකුත් 22 වැනිදා පැවැති හදිසි විධායක කමිටු රැස්වීමකදී රග්බි සංගමය මෙම තීරණය ගෙන ඇත.

රට තුළ පැවැති වාතාවරණය හේතුවෙන් තරගාවලිය දින නියමයකින් තොරව කල් දමන විට කුසලාන ශූරතාව සඳහා තරග වදිමින් සිටි මහනුවර කණ්ඩායම තරග 8 කට ක්‍රීඩා කර එම තරග 8 න්ම ජය ලබා ලකුණු 45 ක් සමග අපරාජිතව සිටියේය.

කුසලාන ශූරතාව යටතේ තවත් තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී මහනුවර ක්‍රීඩා සමාජය, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයටත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයටත් එරෙහිව තරග වැදීමට නියමිතව සිටියේය.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගෙන ලකුණු 40 ක් ලබා කුසලාන ශූරතාව සඳහා වූ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවිය. පළමු වටයේදී ඔවුන් පරාජයට පත්ව තිබුණේ මහනුවර ක්‍රීඩා සමාජයට පමණි.


-036


අදහස් (0)

අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.