Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව සී.සී.සී. පිලට

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව සී.සී.සී. පිලට

editorial - 2022 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)  

නායක අශාන් ප්‍රියන්ජන් (100) සහ චමිඳු විජේසිංහ (139) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 219 ක විශිෂ්ඨ සම්බන්ධතාව හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.සී.සී. කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය.
 
අවසන් මහ තරගයේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් සී.සී.සී. කණ්ඩායම මෙවර ශූරතාවට හිමිකම් කීවේය. සී.සී.සී. කණ්ඩායම පිට පිටම අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු කණ්ඩායම ලෙසද සී.සී.සී. කණ්ඩායම වාර්තා අතරට එක්වනු ඇත.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 588 ක් ලබාගත්තේය. එහිදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ අරමුණ වූයේ නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ගැන නොසිතාම, මුල් ඉනිමේදී හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ගොඩගසා ගනිමින් සී.සී.සී. කණ්ඩායම පීඩනයට ලක් කිරීමය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සී.සී.සී. පිලට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැළවීමට සඳහා ලකුණු 388 ක් ලබාගැනීමට සිදුවිය. ලකුණු 288 ක් තුළ කඩුලු 5 ක් බිඳ වැටීමෙන් පසුව තරගයේ ග්‍රහණය දැඩි කිරීමට ද්‍රවිඩ සංගම් කණ්ඩායමට තවත් ලකුණු 100 ක පමණ වාසියක් තිබිණ.

කෙසේ වුවත් නායක අශාන් ප්‍රියන්ජන් සමග එක්වූ යොවුන් ක්‍රීඩක චමිඳු විජේසිංහ අනර්ඝ සම්බන්ධතාවක් ගොඩනගමින් ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය. සී.සී.සී. ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ප්‍රියන්ජන්, සිය 13 වැනි පළමු පෙළ ශතකය සම්පූර්ණ කර තිබූ අතර අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ.

ප්‍රියන්ජන් සහ චමිඳු එක්ව ගොඩනැගූ සම්බන්ධතාවත්, ඉනිම අවසන් භාගයේදී පවන් රත්නායක නිරත වූ අගනා පිතිහරඹයත් හේතුවෙන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 669 ක් ලබාගැනීමට සී.සී.සී. කණ්ඩායම සමත් විය. තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 145 ක් සිටියහ.

අවසන් තරගයේ වීරයා බවට පත් වූ චමිඳු හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සිය ශතකය සැරසූ අතර එය ඔහුගේ දෙවැනි පළමු පෙළ ශතකයද විය. පළමු ඉනිමේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව පසුකර යෑම සඳහා ප්‍රියන්ජන්ගේ දැවී යෑමෙන් අනතුරුව චමිඳුට අනගි සහායක් දුන් පවන් රත්නායක හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 85 ක් රැස්කළේය.  


ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම සියලු දෙනා දැවී 558
(නවෝද් පරණවිතාන 54, සදීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, සන්තුෂ් ගුණතිලක 15, කමේෂ් නිර්මාල් 16, දිලුම් සුධීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 102/4, ලක්ෂාන් සඳකැන් 128/4)

සී.සී.සී. - පළමු ඉනිම සියලු දෙනා දැවී 669
(නිමේෂ් ගුණසිංහ 33, මිනෝද් භානුක 75, කමිඳු මෙන්ඩිස් 105, ලසිත් අබේරත්න 48, අශාන් ප්‍රියන්ජන් 100, චමිඳු විජේසිංහ 139, පවන් රත්නායක 85, මලින්ද පුෂ්පකුමාර 27, ලක්ෂාන් සඳකැන් 24, රවිඳු ප්‍රනාන්දු 160/6)

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 145
(සදීර සමරවික්‍රම 43, රවිඳු ප්‍රනාන්දු 56, ශිරාන් ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 52/2)


අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව සී.සී.සී. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.