Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු වොලබිලා පූමාස්ලාට රිදවති

ඕස්ට්‍රේලියානු වොලබිලා පූමාස්ලාට රිදවති

editorial - 2021 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

25 වැනිදා - සිඞ්නි (රොයිටර්)

පිට පිටම තුන්වැනි ටෙස්ට් ජයත් ලබාගත් ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විල්හිදී අද (25 වැනිදා) පැවැති දකුණු අර්ධගෝලීය රග්බි ශූරතා තරගයකදී ආර්ජන්ටිනාව පරදවා ලකුණු 27-8 ක පහසු ජයක් වාර්තා කළහ. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමක් පිට පිටම ටෙස්ට් තරග 3 ක් ජයගත්තේ වසර 4 කට පසුවය.

ආරම්භයේදීම කරමින් ලබාගත් උත්සාහක දිනුම් දෙකකින් පසුව තරගයේ වාසිය කරපින්නාගත් ඕස්ට්‍රේලියානුවෝ සටනකින් තොරවම ජයටැඹ කරා ගියහ. මෙම තරගයේදී ඕස්ට්‍රේලියාවේ වොලබිලාට උදම් අනන්නට තරම් දෙයක් නොතිබූ නමුත් මෙම තරගාවලියේදීම ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකානු පිල පරාජය කිරීමට සමත්වීම ඔවුන්ගේ සතුට වැඩි කරන්නකි.

තරගයේ පළමු විනාඩි 20 තුළදීම ෆුල් බෑක් ක්‍රීඩක රීස් හොජ් සහ සෙන්ටර් ක්‍රීඩක සාමු කෙරේවි උත්සාහක දිනුම් දෙකක් ලබාගත්හ. විඟර් ක්‍රීඩක ඇන්ඩෲ කෙලාවේ තවත් උත්සාහක දිනුමක් ලබාගත් හෙයින් ‘වොලබිලා’ හමුවේ ආර්ජන්ටිනාවේ ‘පූමා’ලා මහත් අසරණ වූහ.

ආර්ජන්ටිනාවේ එකම උත්සාහක දිනුම ලැබුණේ නායක ජූලියන් මොන්ටෝයාගෙනි. එහෙත් තරගාවලියේ වට 5 ක් නිමාවූවද ආර්ජන්ටිනාවට ලැබුණු ජයක් නම් නැත.

ලීග් තරගාවලියක් වන මෙම තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබේ. එම තරග ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ ආර්ජන්ටිනාව අතරද නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරද ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවරදී පැවැත්වීමට නියමිතය.

 


 

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු වොලබිලා පූමාස්ලාට රිදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.