Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් තරග හෙට

ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් තරග හෙට

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන)

ටෝකියෝ ඔලිම්පික් උළෙල එළඹෙන 23 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයත් සමඟ නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, සොෆ්ට්බෝල්, පාපන්දු, තුරඟ තරග, වෙඩි තැබීම ඇතුළු තරග ඉසව් කිහිපයක් හෙට (21දා) සිට ආරම්භ වේ. කෙසේ නමුත් මෙම තරග ක්‍රීඩා උළෙලේ අවසන් දින කිහිපය දක්වාම ක්‍රියාත්මක වේ.

ඒ අනුව සොෆ්ට්බෝල් (බේස්බෝල් හා සමාන කාන්තාවන්ට වෙන්වූ) සහ කාන්තා පාපන්දු තරග හෙට (21දා) ආරම්භ වේ. ඉන් සොෆ්ට්බෝල් තරග සඳහා සත්කාරක ජපානය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ඇමරිකාව, මෙක්සිකෝව හා කැනඩාව සහභාගි වේ. මෙම තරග ආරම්භ කරමින් පළමු තරගය ජපානය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වේ. එදින තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම සියලු‍ම තරග ෆුකුෂිමාහි අසුමා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහි මූලික වටයේ තරග 15ක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව රන්, රිදී හා ලෝකඩ පදක්කම් වෙනුවෙන් පැවැත්වෙන තරග ජූලි 27 වැනිදා පැවැත්වේ. ජූලි 28 වැනිදා සිට බේස්බෝල් තරග ආරම්භ වේ.

කාන්තා පාපන්දු තරග සඳහා සත්කාරක ජපානය සමගින් කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඇමරිකාව, බ්‍රසීලය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් සහභාගි වේ.

මේ අතර පාපන්දු පිරිමි තරග අනින්දා (22දා) ආරම්භ වන අතර, ඒ සඳහා සත්කාරක ජපානය ඇතුළු රටවල් 16ක් සහභාගි වේ. ලෝක පාපන්දු පිටියේ ප්‍රබලයන් වන බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල්ද ඊට ඇතුළත්ය. පාපන්දු තරග අවසන් කරමින් කාන්තා රන් පදක්කම වෙනුවෙන් තරගය අගෝස්තු 06 වැනිදාද, පිරිමි රන් පදක්කම වෙනුවෙන් තරගය එදිනට පසුදිනද පැවැත්වේ.

මීට අමතරව සමාරම්භක උත්සවය පැවැත්වෙන 23 වැනිදා පෙරවරුවේ කාන්තා හා පිරිමි දුනු විඳීම තරග හා ඔරු පැදීම තරග පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැටිල්ඩා කාල්සන් සහභාගිවන තුරඟ තරග හා ටෙහානි එගොඩවෙල සහභාගිවන වෙඩි තැබීමේ ඉසව්ද එදින උදෑසන ආරම්භ වේ.


අදහස් (0)

ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.