Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැන්චෙස්ටර්හිදී පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කඩුලු 3 කින් ජයගත් එංගලන්තය පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි-20 තරගාවලියේදීත් 2-1 ක ජයක් ලබාගත්තේය. මෙම ජයග්රහණයෙන් පසුව එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් කියා සිටියේ තවත් මාස කිහිපයකින් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇති බවයි.
මෙවර එංගලන්ත ගිම්හානයේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරග සියල්ලම නිමාවට පත්විය.
පා දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඩ්ගේ හොඳම විස්සයි-20 පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම ලකුණු 154 කට සීමා කෙරිණ. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 76 ක් ලබාගත් නමුත් තරගයෙන් පසුව පාකිස්තානු නායක බාබර් අසාම් කීවේ තමන්ට ලකුණු 10 ක් - 15 ක් මදිවූ බවයි.
“මාත් රිස්වානුත් අතර සම්බන්ධතාව තව ටිකක් දුර ගියානම් ඒක කරගන්න තිබුණා” යයි බාබර් අසාම් කීවේය.
ලකුණු 155 ක ඉලක්කය හඹා යාමේදී ජේසන් රෝයි එංගලන්තය වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබාගත්තේය. එහෙත් එංගලන්ත පිලේ සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවී යන්නට වූයෙන් අවසානය තරගමක් උද්වේගකර විය. නිරෝධායනයෙන් පසුව තරගයට පිවිසි ඔයින් මෝගන්ගේ දැවී යාමත් සමගින් එංගලන්ත කඳවුර තරමක් සසළ වූ නමුත් ක්‍රිස් ජෝර්ඩ්න් එංගලන්ත පිල ජයටැඹ වෙත කැඳවාගෙන ගියේය.
තරගය පැවැති තණතීරුවේ දක්නට ලැබුණු මන්දගාමී බව සහ තියුණු දඟ කැවීම එංගලන්ත නායකයාගේ විවේචනයට ලක්වූවත් එයම ලෝක කුසලාන තරගාවලියට සුබ පෙරනිමිත්තක් ලෙසින් ඔහු හඳුනා ගත්තේය.
“පසුගිය වසරේදී සම්පූර්ණ අයි.පී,එල්. තරගාවලියටම ක්‍රීඩා කරපු මම ඩුබායි හි තණතීරු ටිකක් දඟ කැවෙන බව දන්නවා. ඒත් මේ තරම් දඟ කැවීමක් ඒවායින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කොහොම වුණත්, දඟ කැවෙන තණතීරුවලට අපි සූදානම්” යයි ඔයින් මෝගන් පැවසීය.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ට 154 යි
(මොහොමඩ් රිස්වාන් 76, බාබර් අසාම් 11, ෂොයිබ් මක්සූද් 13, ෆකර් සමාන් 24, හසන් අලී නොදැවී 15, අදිල් රෂීඩ් 35/4)
එංගලන්තය - ඕවර 19.4 කදී කඩුලු 7 ට 155
(ජේසන් රෝයි 64, ජොස් බට්ලර් 21, ඩේවිඩ් මැලන් 31, ඔයින් මෝගන් 21, මොහොමඩ් හෆීස් 28/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.