Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුල්බදින් නයිබ්ට යළි කැඳවීමක්
ඇෆ්ඝනිස්ථානු පිලේ ශ්‍රී ලංකා සංචාරය

ගුල්බදින් නයිබ්ට යළි කැඳවීමක්

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ඇෆ්ගනිස්ථානු සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බදීන් නයිබ් සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් යළි කැදවා තිබේ. ඔවුන් දෙදෙනාම මේ වසරේ ජුනි මාසයේ සිම්බාබ්වේහි සංචාරය කළ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට අයත් නොවූහ.

කණ්ඩායමේ නායකයා වශයෙන් හෂ්මතුල්ලා සයිඩි නම්කර තිබේ. එක්දින තරග 50 කට ක්‍රීඩා කර ඇති හෂ්මතුල්ලා, ඇෆ්ඝනිස්තානු කණ්ඩායමේ අවසන් එක්දින තරගාවලිය වූ සිම්බාබ්වේ පිලට එරෙහි තරගාවලියේදීත් කණ්ඩායමේ නායකයා විය. එම තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත් හෂ්මතුල්ලගේ ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගතකිරීම් අතරේ 10 වැනි ස්ථානය ගෙන සිටී.

“මෙම තරඟාවලිය සඳහා ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට තරුණ මුහුණු කිහිපයක් ඇතුළත් කරලා තිබෙනවා. එය ලබන වසරේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලානය තරගාවලියට පිවිසීමට පෙර ඔවන් ගැන බලාගැනීමට අපට හොඳ අවස්ථාවක්” යයි ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඒ වගේම ලබන වසරේ පැවැත්වෙන, ක්‍රිකට් ලෝකයේ දැවැන්තම තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමටත් මෙම තරඟ මාලාව අපට ඉතා වැදගත්” යයි ද නසීබ් ඛාන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගාවලිය ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරගාවලියකි.

වසර 2023 සඳහා වන ලෝක කුසලාන සුපිරි ලීගයේදී තරග 18 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රසාද ලකුණු 62 ක් සමගින්, 10 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරග 3 ත් සමගින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ තවත් තරග 6 ක් පමණි.

වසර 2023 සඳහා වන ලෝක කුසලාන සුපිරි ලීගයේදී තරග 12 කට සහභාගි වී සිටින ඇෆ්ඝනිස්ථානය ප්‍රසාද ලකුණු 100 ක් සහිතව 7 වැනි ස්ථානයේ සිටී. ඔවුන්ට තවත් තරග 12 ක් ඉතිරි වී තිබේ.

මෙම ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8 ලබන වසරේදී පැවැත්වෙන එක්දින ලෝක කුලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයට සෘජුවම සුදුසුකම් ලබනු ඇත. අනෙකුත් කණ්ඩායම් වලට සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුව තිබේ.

 
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය:
හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා (උප නායක), අස්මතුල්ලා ඔමාර්සායි, ෆරීඩ් මලික්, ෆසාල් හක් ෆාරුක්, ගුල්බදීන් නයිබ්, රමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), නජිබුල්ලා සද්‍රාන්, ඉබ්‍රාහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිකායිල් (අතිරේක කඩුලු රකින්න), මොහොමඩ් නබී, මුජිබුර් රහමන්, නූර් අහමඩ්, රෂීඩ් ඛාන්, රියාස් හසන්, ෂහිදුල්ලා කමාල්, යමින් අහමඩ්සායි සහ සියාවුර් රහමන් අක්බාර්

 


අදහස් (0)

ගුල්බදින් නයිබ්ට යළි කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.