Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුජරාට් - මුම්බායි දෙවැනි අවසන් පූර්ව තරගය හෙට
අයි.පී.එල්. 2023

ගුජරාට් - මුම්බායි දෙවැනි අවසන් පූර්ව තරගය හෙට

editorial - 2023 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (26 වැනිදා) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 15 ක පරාජයක් ලැබීම හේතුවෙන් ගුජරාට් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා දෙවැනි අවසන් පූර්ව තරගයටද ක්‍රීඩා කිරීමට සිදුවිය.

මුම්බායි කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගි වීම සඳහා අවස්ථාව උදාකර ගත්තේ ඊයේ (24 වැනිදා) පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 81 ක පහසු ජයක් වාර්තා කරමිනි.

හෙට තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම අතර එළබෙන ඉරිදා (28 වැනිදා) පස්වරු 7.30 ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීම අවසන් මහ තරගය පැවැත්වේ. මේ වන විට මුම්බායි කණ්ඩායම 5 වරක්ද, චෙන්නායි කණ්ඩායම 4 වරක්ද, ගුජරාට් කණ්ඩායම එක් වරක්ද අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ.

-036


අදහස් (0)

ගුජරාට් - මුම්බායි දෙවැනි අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.