Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝහිත රාජපක්‍ෂ කි‍්‍රකට් පිටියට

රෝහිත රාජපක්‍ෂ කි‍්‍රකට් පිටියට

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය සහ රොෂාන් ගුණරත්න)

ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින තරගාවලියට සහභාගි වීමේ අරමුණ ඇතිව රෝහිත රාජපක්‍ෂ කළුතර නාගරික කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයන් හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වේ. මෙම පුහුණුවීම් ඊයේත් අදත් (12 සහ 13) මග්ගොන සරේ විලේජ් කී‍්‍රඩාංගණයේදී පවත්වා තිබේ.

කළුතර නාගරික කී‍්‍රඩා සමාජ කණ්ඩායම තෝරා ගැනීම සඳහා අද (13 වැනිදා) සරේ විලේජ්හිදී පුහුණු තරගයක්ද පැවැත්වී තිබේ. රෝහිත රාජපක්‍ෂ එයට සහභාගි ඇතැයි ද දැනගන්නට ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්‍ෂ හිටපු රග්බි කී‍්‍රඩකයෙකි. සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල (සී.සී.සී. කී‍්‍රඩා සමාජයේ නිවහන) නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට සහභාගි වී ඇති රෝහිත රාජපක්‍ෂ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
 
වාර්තා වන පරිදි බදුරලිිය කි‍්‍රකට් සමාජයේ පුහුණුකරුවා මෙන්ම කී‍්‍රඩකයකුද වන හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් විසින් රෝහිත රාජපක්‍ෂව බදුරලිිය කි‍්‍රකට් සමාජයට කැඳවාගෙන ගොස් තිබේ. ජීවන් මෙන්ඩිස්ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකි. කෙසේ වෙතත් රෝහිත රාජපක්‍ෂගේ අවසන් තෝරාගැනීම වී ඇත්තේ කළුතර නාගරික කී‍්‍රඩා සමාජයයි.

”රෝහිත රාජපක්‍ෂ මේ වන විටත් අපේ කණ්ඩායමත් එක්ක පුහුණුවීම් කරනවා. එත් තවමත් එයා අපේ කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වෙලා නෑ. කොහොමත් එයා අපේ කණ්ඩායම වෙනුවෙන් ලියා පදිංචි වෙලා මේ තරගාවලියේදී  කී‍්‍රඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යයි කළුතර නාගරික කී‍්‍රඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා පැවසීය.

කළුතර නාගරික කී‍්‍රඩා සමාජයේ පළමු තරගය මේ මස 27 වැනිදා නාවික හමුදා පිලට එරෙහිව වැළිසර නාවික හමුදා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. රෝහිත කලක් නාවික හමුදා රග්බි පිල වෙනුවෙන් ද කී‍්‍රඩා කළේය.

අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින තරගාවලියේදී කළුතර නාගරික කී‍්‍රඩා සමාජය ‘ඒ’ කාණ්ඩයෙන් කී‍්‍රඩා කරයි. එන්.සී.සී., යුද හමුදාව, මුවර්ස්, නාවික හමුදාව, කුරුණෑගල තරුණ කී‍්‍රඩා සමාජය, සී.සී.සී, මීගමුව කී‍්‍රඩා සමාජය, නුගේගොඩ කී‍්‍රඩා සමාජය, බී.ආර්.සී. කී‍්‍රඩා සමාජය, මහනුවර කස්ටම්ස්, ලන්කන්ස් කීි‍්‍රකට් සමාජය සහ ගුවන් හමුදාව ‘ඒ’ කාණ්ඩයෙන් කී‍්‍රඩා කරන සෙසු කී‍්‍රඩා සමාජ වෙති.

 

 


අදහස් (1)

රෝහිත රාජපක්‍ෂ කි‍්‍රකට් පිටියට
  • Wakkumbura Wednesday, 13 October 2021 04:09 PM

    ඒකත් කපෝතියි.., ඉවරයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.