Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාදව්ගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
නවසීලන්ත - ඉන්දියා පළමු එක්දින තරගය

යාදව්ගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2022 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 65 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයන නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී ලකුණු 111 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 111 ක් සමගිනි.

නායක හර්දීක් පාණ්ඩ්‍යා (13) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 82 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් විය. කෙසේ වුවත් ඉන්දීය ඉනිමේ අවසන් පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ටිම් සවුති සමත්වීම හේතුවෙන් ඉන්දියාවට ලකුණු 200 සීමාව පසුකර යෑමට නොහැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට දීපක් හූඩා (10/4) ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක කේන් විලියම්සන් පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 61 ක් රැස්කර නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය.

 
නවසීලන්තය - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 126
(ඩෙවෝන් කොන්වේ 25, කේන් විලියම්සන් 61, දීපක් හූඩා 10/4, යුස්වේන්ද්‍ර චාහල් 26/2, මොහොමඩ් සිරාජ් 29/2)

ඉන්දියාව - ඕවර 20 කඩුලු 6 ක් දැවී 191
(ඉෂාන් කිෂන් 36, සූර්යකුමාර් යාදව් නොදැවී 111, ටිම් සවුති 34/3, ලොකී ෆර්ගසන් 49/2)

-036

 


අදහස් (0)

යාදව්ගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.