Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් නැවතත් පිටියට

මැතිව්ස් නැවතත් පිටියට

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ඉදිරියේ එන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට තමන් සූදානම් බව හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මැතිව්ස් මේ වසරේ ජූලි මස සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් කෙටි විරාමයක් ලබාගෙන තිබූ අතර ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීම ගැනද සලකා බලන බව ඒ වන විටත් ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහා තෝරාගැනීමට තමන් සූදානම් බව මැතිව්ස් විසින් පසුගියදා ක‍්‍රිකට් පරිපාලනයට දැනුම් දී ඇත.

ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන නමුත් විස්සයි-20 ලෝක කුෂලාන තරගාවලිය සඳහා ඔහු තෝරාගෙන නැත. එහෙත් ලබන මාසයේදී කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොවැම්බර් මාසය අගදී පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලියේදී මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

එළඹෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියටද ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ඇන්ජලෝ මැතිව්ස් මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත දේශීය ක‍්‍රිකට් තරගාවලියේදී කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සඳහා ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටී.

 


අදහස් (1)

මැතිව්ස් නැවතත් පිටියට
  • Ruby Tuesday, 12 October 2021 05:02 PM

    ගෙදරට වෙලා ඉන්න හැකිනම් ගොඩක් හොඳයි

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.