Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙන්ඩිස් - ගුණතිලක - දික්වැල්ල කෝටිය ගෙවලා කි‍්‍රකට් පිටියට එන්න

මෙන්ඩිස් - ගුණතිලක - දික්වැල්ල කෝටිය ගෙවලා කි‍්‍රකට් පිටියට එන්න

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයින්ට නියම කළ දේශීය ක‍්‍රිකට් තහනම කෝන්දේසී වලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එහෙත් ඔවුන් නැවතත් කි‍්‍රකට් පිටියට පැමිණෙන්නේ නම් නියමිත දඩ මුදල වන රුපියල් කෝටියක දඩ මුදල ගෙවිය යුතුය.

පසුගිය ජූලි මාසයේදී එංගලන්තයේ සංචාරයක නිරක වෙමින් සිටියදී ජෛව ආරක්ෂිත බුබුල කැඞීමෙන් පසු මෙම කී‍්‍රඩකයන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්ද, මාස 6 ක දේශීය ක‍්‍රිකට් තහනමක්ද පනවන ලදි. ඊට අමතරව රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම කෙරිණි.

දේශීය ක‍්‍රිකට් තහනම අඩු කිරීම පිළිබඳව පසුගියදා පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී තීරණය කර ඇති අතර, ලබන මාසයේ සිට ඔවුන්ට තම ක‍්‍රීඩා සමාජ නියෝජනය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා තහවුරු කර තිබේ.

”දඩ මුදල් ගෙවීමට යටත්ව ඔවුන්ට ආපසු දේශීය තරගාවලියට ක‍්‍රීඩා කිරීමට ඉඩ දෙන බව අපි අමාත්‍යාංශයට දැනුම් දෙනවා” යැයි ද සිල්වා මහතා ඬේලිමිරර් පුවත් පතට පවසා තිබිණ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරන ලද මනෝ උපදේශකයෙකු හමුවීමට ද ඔවුන් තිදෙනාට නියෝග කර තිබූ අතර තහනම ඉවත් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන අවසන් වාර්තාව තවමත් ඔවුන්ට ලැබී නැත. නමුත් ඔවුන් මනෝ උපදේශකවරයා හමුවේ ධනාත්මකව ප‍්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

කී‍්‍රඩකයන් තිදෙනාට පනවන ලද මාස හයක තහනම මේ වසරේ දෙසැම්බර් 28 වැනිදා අවසන් වීමට නියමිතය. එහෙත් ඊට පෙර දේශීය තරග තහනම ඉවත් නොකෙරුණ හොත් මේ මස ආරම්භ වන අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලියට සහ දෙසැම්බර් මාසයේදී ආරම්භ වන ලංකා ප‍්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියට එක්වීමේ අවස්ථාව ඔවුන් අහිමිවී යනු ඇත.

- 2079

 


අදහස් (0)

මෙන්ඩිස් - ගුණතිලක - දික්වැල්ල කෝටිය ගෙවලා කි‍්‍රකට් පිටියට එන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.