Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහගස්තොට කඳු තරණය 3-4 නුවරඑළියේදී

මහගස්තොට කඳු තරණය 3-4 නුවරඑළියේදී

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණය 87 වැනි වරටත් අප්‍රේල් මස 3 සහ 4 යන දිනවලදී පෙරවරු 8.00 සිට නුවරඑළිය නගරයේ මහගස්තොට තේ වතුයාය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන මෙම තරගාවලිය මීටර් 617 ක දුරකින් යුත්,තාර ඇතිරූ මාර්ගයක පැවැත්වේ. තරගාවලියට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරුපැදි ඉසව් 10 ක් ඇතුළත් කර තිබේ. දිවයින පුරා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිතය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුව පැවැත්වේ.  අප්‍රේල් 3 වැනිදා යතුරුපැදි තරගද, 4 වැනිදා මෝටර් රථ තරගද වෙන වෙනම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර ඇත.

අශාන් සිල්වා මෙම තරගාවලියේ මෝටර් රථ තරග වාර්තාවට හිමිකම් කියන අතර 2017 වසරේ  එස්.එල්.ජී.ටී. (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී තත්ත්පර 32.643 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය.

එස්.එම්. (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදුණ ආනන්ද සම්පත්, 2017 වසරේදී තරගාවලියේ යතුරුපැදි වාර්තාව අලුත් කළේ තත්ත්පර 33.936 ක කාලයක් වාර්තා කරමිනි.

මහගස්තොට කඳු තරණය තරගයට වසර 1934 දක්වා ඉතිහාසයක් තිබෙන අතර සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය මෙහි ආරම්භක තරගාවලිය පවත්වා ඇත්තේ 1934 සැප්තැම්බර් 28 වැනිදාය. යුද්ධය පැවති වසර වලදී හැර එම සංගමය වාර්ෂිකව මෙම තරගාවලිය පවත්වා ඇත. 2019 වසරේදී පාස්කු ප්‍රහාරය හේතුවෙන්ද, 2020 වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන්ද තරගාවලිය නොපැවැත්විණ.

මේ වන විට තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.  තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන් සිය අයැදුම්පත් අංක 2 ඒ, හුනුපිටිය පාර, කොළඹ 2 යන ලිපිනයේ පිහිටි සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජ කාර්යාලයට හෝ mahagastotte2021@cmsc.lk යන විද්‍යුත් තැපෑලට යොමුකළ යුතුය.


අදහස් (0)

මහගස්තොට කඳු තරණය 3-4 නුවරඑළියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.