Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිනෝද් ප්‍රබල පිළිතුරක කේන්ද්‍රස්ථම්භය වෙයි

මිනෝද් ප්‍රබල පිළිතුරක කේන්ද්‍රස්ථම්භය වෙයි

editorial - 2022 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ද්‍රවිඩ සංගමය අපේක්‍ෂා කළාට වඩා හොඳ පිළිතුරක් දීමට සූදානම් වන සී.සී.සී. පිතිකරුවෝ, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට, සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 149 ක් ලබා සිටියේය. අංක 3 පිතිකරු මිනෝද් භානුක මෙම පිළිතුරේදී සී.සී.සී. ඉනිමේ කේන්ද්‍රස්ථම්භය වී සිටී.

ලකුණු 588 කට පිළිතුරු සොයා යාම ඇරඹූ සී.සී.සී. ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 08 ක්ව තිබියදී බිඳ වැටිණ. එහෙත් නිමේෂ් ගුණසිංහ (33) සමග එක්වූ මිනෝද් භානුක (නොදැවී 72) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. නිමේෂ්ගේ දැවීයාමෙන් පසුව කමිඳු මෙන්ඩිස්ට එක්වූ මිනෝද්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 69 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබේ.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන අතර සී.සී.සී. පිල තවමත් ද්‍රවිඩ සංගමයට වඩා ලකුණු 439 ක් පසුපසින් සිටී.

ආරම්භක දිනයේදීම මහේශාඛ්‍ය පිතිහරඹයක නිරත වූ සධීර සමරවික්‍රම ලබාගත් ලකුණු 188 ට හතරේ පහර 18 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. මුල් දිනය නිමාවට පෙර කඩුලු 5 ක් ලකුණු 337 කට බිඳ වැටුණ නමුත් පසුපෙළ පිතිකරුවන් වූ රවිඳු ප්‍රනාන්දු (45), ඉසුරු උදාන (88) සහ කවිඳු පතිරත්න (46) එක්ව ලකුණු 588 ක් කරා ද්‍රවිඩ සංගමය කැඳවාගෙන ගියහ.

 
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම, සියලු දෙනා දැවී 558 යි
(නවෝද් පරණවිතාන 54, සධීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, සන්තුෂ් ගුණතිලක 15, කමේෂ් නිර්මාල් 16, දිලුම් සුධීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 102/4, ලක්ෂාන් සඳකැන් 128/4)

සී.සී.සී. - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 149
(නිමේෂ් ගුණසිංහ 33, මිනෝද් භානුක නොදැවී 72, කමිඳු මෙන්ඩිස් නොදැවී 31)

සධීර සමරවික්‍රම ...

 

සධීර සමරවික්‍රම සහ රොන් චන්ද්‍රගුප්ත....


අදහස් (0)

මිනෝද් ප්‍රබල පිළිතුරක කේන්ද්‍රස්ථම්භය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.