Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මධ්‍යම ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චතුරිකා මධුෂානි හා දීපිකා බණ්ඩාර.

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ කොක්ස්බසාර්හිදී පැවැති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා) ශූරතා තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාව කලාප ශූරියන් අතර ලබන වසරේදී පැවැත්වෙන අන්තර් කලාප ශූරතා ජාත්‍යන්තර වෙරළ වොල්බෝල් ශූරතා තරගාවලියට මධ්‍යම ආසියාවෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් විය.

ඒ අද (29) පැවැති අවසන් මහ තරගයේදී නේපාලය වට 2-0කට (21/11 - 21/11) පරාජය කරමිනි. මීට පෙරත් ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක්ම අත්කර ගත් මෙරට පළපුරුදු වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් දෙපළක් වන චතුරිකා මධුෂානි වීරසිංහ හා දීපිකා බණ්ඩාර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.
වසර 2022 අගෝස්තු මාසයේදී එංගලන්තයේ ‘‘බර්ටින්හැම්’’ නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් (කාන්තා) ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වූයේද මෙම ක්‍රීඩිකාවෝ දෙදෙනාගෙනි.

ඒ මීගමුවේදී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් පැවැති ආසියානු කලාප සුදුසුකම් නිර්දේශිත තරග වටය ජය ගනිමිනි.
මෙම තරගාවලියේ මුහුණ දුන් සියලු තරග ශ්‍රී ලංකාව ජයගත්තේය. බංග්ලාදේශ – 2 කණ්ඩායමට එරෙහිව ලකුණු 21/08 – 21/05ක ජයක්ද, උස්බෙකිස්තාන – 1 කණ්ඩායමට එරෙහිව ලකුණු 21/11 – 21/09ක ජයක්ද හා එම – 2 කණ්ඩායමට එරෙහිව ලකුණු 21/08 – 21/09ක ජයක්ද එහිදී ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තක්ෂිලා ගුණසිංහ මෙනවිය කටයුතු කළාය. මේජර් ජේ.එම්.ඩබ්. බණ්ඩාර මහතා එහි කළමනාකරු ධුරය දැරීය.

චතුරිකා මධුෂානි යුද හමුදා ක්‍රීඩා සමාජයේත්, දීපිකා බණ්ඩාර නාවික හමුදා ක්‍රීඩා සමාජයේත් ක්‍රීඩිකාවෝ වෙති.
 


අදහස් (0)

මධ්‍යම ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.