Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැසිපන්දු තේරීම් තරගාවලියට 60 ක්

පැසිපන්දු තේරීම් තරගාවලියට 60 ක්

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය ඉලක්ක කරමින්, ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනය විසින් කැඳවන ලද ජාතික තේරීම් තරගාවලිය සඳහා කී‍්‍රඩකයෝ 60 ක් සහභාගි වූහ. දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය නොවැම්බර් මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකාවට අමතරව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ භූතානය මෙම තරගාවලියට සහභාගි වෙති. තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම නොවැම්බර් මස 13 වැනිදා ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන ආසියානු කුසලාන තරගාවලියේ පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

තේරීම් තරග සඳහා සහභාගි වූ කී‍්‍රඩකයන් 60 දෙනා අතුරින් මූලික ශී‍්‍ර ලංකා සංචිතය තෝරා ගැනේ. එය කී‍්‍රඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වන අතර පසුව තෝරාගනු ලබන ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් සමන්විත වනු ඇත.

තේරීම් තරග පැවැති දිනවලදී සියලූම කී‍්‍රඩකයන් සඳහා ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණ පැවැත්විණ.

 


 

- 213

 


අදහස් (0)

පැසිපන්දු තේරීම් තරගාවලියට 60 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.