Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් රග්බි ලීග් තරගාවලිය හෙට සිට

පාසල් රග්බි ලීග් තරගාවලිය හෙට සිට

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2ක් අතර මග නතර වී තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් රග්බි තරගාවලිය වන 'ඩයලොග් පාසල් රග්බි ලීගය' හෙට (23 වැනිදා) ආරම්භ වේ. මෙම තරගවාරයේ පළමු කාණ්ඩයේ 'ඒ' කොටසේ තරග ආරම්භ කරමින් කොළඹ ශාන්ත ‍ජෝසප්   විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ්  විද්‍යාලය අතර තරගය හෙට කොළඹ  හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

2020 වසරේදී පාසල් රග්බි ලීගය කොරෝනා වසංගතය හේතුවෙන් සති 3 ක කාලයකට සීමා විය. ඊළඟ වසරේ තරගාවලිය සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ගෝපදේශවලට යටත්ව අවලංගු කිරීමට සිදුවිය.

පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ 'ඒ' කොට‍සේ තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 12 ක් තරග 34 කට සහභාගි වෙයි. උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම තරගවාරය කෙටිකාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.


ඒ කාණ්ඩයේ තරගාවලියට ක්‍රීඩා කරන පාසල්

කොළඹ රාජකීය විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය,  කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි  විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

තවත්පාසල් 24ක් පළමු කාණ්ඩයේ 'බී' සහ 'සී' කොටස් යටතේ තරගවදින අතර තවත්පාසල් 40 ක් ඩයලොග් පාසල් රග්බි ලීගයේ 2 වැනි සහ 3 වැනි කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතයි

2019 තරගාවලියේදී ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලය සමග කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත‍ තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගවාරයේ ඉහළින් බලාපොරොත්තු රඳවා සිටින කණ්ඩායම් වේ.

‘‘පාසල් ක්‍රීඩා දින දර්ශනයේ ඉහළම අවධානයක් යොමුවන ඉසව්වක් ලෙසින් පාසල් රග්බි ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය නැවත සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ගත් තීරණය ගැන අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා"  යයි ඩයලොග් ආසිආටා හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම හා මාධ්‍ය)  හර්ෂ සමරනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න මහතා  පැවසූයේ අසීරු කාලසීමාවකදී වුවත්, මෙම තරගාවලිය වෙනුවෙන් පූර්ණ සයෝගය ලබාදෙන බවට වූ පොරොන්දුව මත පිහිටා තවදුරටත් පූර්ණ සහයෝගය ලබාදීම ගැන පාසල් රග්බි අනුග්‍රාහකයන් වන ඩයලොග් ආසිආටා සමාගමට සිය හදපිරි ස්තුතිය පිරිනමන බවයි.

Dialog VIU App  ඔස්සේ මෙන්ම ඩයලොග් ටී.වී. නාලිකා අංක 140 ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කිරීමට එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු යොදා තිබේ.

- 213


අදහස් (0)

පාසල් රග්බි ලීග් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.