Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙරේස් රෙඩ්බුල් පිල දිනවයි
මොනාකෝ ගෝන් ප්‍රී තරගය

පෙරේස් රෙඩ්බුල් පිල දිනවයි

editorial - 2022 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොනාකෝහි මොන්ටේ කාලෝ ධාවන පථයේදී පැවැති මොනාකෝ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ සර්ජියෝ පෙරේස් සමත් විය. මෙම වසර (2022) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ හත්වැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී පෙරේස් ලැබූ පළමු ජයග්‍රහණයද මෙය විය.

වටයක් කිලෝ මීටර් 3.3337 ක දුරකින් යුක්ත වට 78 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා පෙරේස්ට පැය 1 යි, විනාඩි 56 යි, තත්පර 30.265 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් පෙරේස්, මුලු ලකුණු 110 ක් ලබා ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයට පැමිණීමටද සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 11.629 ක අවම කාලයක් වාර්තා කළ පෙරේස්, තෙවැනි ස්ථානයේ සිට මෙම තරගය ආරම්භ කළේය. තරගය තුළදී එක් වටයක් නිමා කිරීමට සඳහා ඔහු වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 16.028 කි.

කරට කර තරගයකට පසුව පෙරේස්ට වඩා තත්ත්පර 1.154 ක් පසුපසින් තරගය නිමා කළ ෆෙරාරි කණ්ඩායමේ කාර්ලෝස් සේන්ස් තරගයේ දෙවැනි ස්ථානයට පත් විය. පෙරේස්ගේ කණ්ඩායම් සඟයා වන රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් මෙම තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ පෙරේස්ට වඩා තත්ත්පර 1.491 ක් පසුපසින් තරගය නිමා කරමිනි.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් සේන්ස්ට ලකුණු 18 ක් හිමිවූ අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් වර්ස්ටපන්ට ලකුණු 15 ක් හිමිවිය. මේ වන විට මුලු ලකුණු 125 ක් ලබා සිටින වර්ස්ටපන් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර මුලු ලකුණු 116 ක් ලබා සිටින ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
 
වර්ස්ටපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං කණ්ඩායම තරග 7 ක් අවසානයේ ලකුණු 235 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. චාල්ස් ලැක්ලර්ක් සහ කාර්ලෝස් සේන්ස් නියෝජනය කරන ෆෙරාරි කණ්ඩායම ලකුණු 199 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, ලුවිස් හැමිල්ටන් සහ ජොජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 134 ක් සමග ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේද රැදී සිටිති.

මෙම තරගයෙන් අනතුරුව අසර්බයිජාන් ගෝන් ප්‍රී තරගය මෙම මස 12 වැනිදාද, කැනඩා ගෝන් ප්‍රී තරගය මෙම මස 19 වැනිදාද පැවැත්වේ. බ්‍රිතාන්‍ය (3 වැනිදා), ඔස්ටි්‍රයා (10 වැනිදා), ප්‍රංශ (24 වැනිදා) සහ හංගේරියා (31 වැනිදා) ගෝන් ප්‍රී තරග එළබෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.


තරග ප්‍රතිඵල
1 සර්ජියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං) - පැය 1:56:30.265
2 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 1.154 ක් පසුපසින්
3 මැක්ස් වර්ස්ටපන් (රෙඩ්බුල් රේසිං) - ජයග්‍රාහකයාට තත්ත්පර 1.491 ක් පසුපසින්
4 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 2.922 ක් පසුපසින්
5 ජොජ් රසල් (මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 11.968 ක් පසුපසින්
6 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 12.231 ක් පසුපසින්
7 ෆර්නෑන්ඩෝ ඇලන්සෝ (ඇල්ෆයින් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට තත්ත්පර 46.358 ක් පසුපසින්
8 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - ජයග්‍රාහකයාට තත්ත්පර 50.388 ක් පසුපසින්
9 වෙල්ටරි බොටාස් (ඇල්ෆා රෝමියෝ ෆෙරාරි) - ජයග්‍රාහකයාට තත්ත්පර 52.525 ක් පසුපසින්
10 සෙබස්තියන් වෙට්ල් (ඇස්ටන් මාටින්) - ජයග්‍රාහකයාට තත්ත්පර 53.536 ක් පසුපසින්

-036

 


අදහස් (0)

පෙරේස් රෙඩ්බුල් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.