Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේ නව වාර්තා 12 ක්
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා

පළමු දිනයේ නව වාර්තා 12 ක්

editorial - 2023 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ අද (25 වැනිදා) නව වාර්තා 12 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටිති.

විවිධ වයස් කාණ්ඩ වලින් තරග කරන ඔව්හු ඉසව් 104 ක් වෙනුවෙන් තරග වදිති.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල නොපැවත්වුණ අතර එය ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබන අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා පෙන්වීමට බාධාවක් විය. කෙසේ වෙතත් කොවිඩ් තත්වයෙන් පසු සාමාන්‍යකරණයට ලක්ව ඇති පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දැවැන්ත හා ආකර්ෂණීය පාසල් මලල ක්‍රීඩා අත්දැකීමක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ලබා දීමට මෙවර තරගාවලියේදී අවස්ථාව ලැබී තිබේ.

මෙවර ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලයිසියම් කැම්පස් වෙතිනි. ඒස්ශ්‍රියල් මාර්කටින් (චැරියට්) සම අනුග්‍රහයද, පියර්සන් ශ්‍රී ලංකා, සිලෝන් බිස්කට්, විශේෂ අනුග්‍රාහකත්වයත්, ඩී්‍රම් ටීම් මීඩියා මාධ්‍ය හවුල්කරු හැටියටද, සන්ඩේ ටයිම්ස්, ඩේලිමිරර්, ලංකාදීප නිල ඩිජිටල් මාධ්‍ය සහකරු හැටියට කටයුතු කරති. සම්පත් බැංකුව හා බරකා සන්නාමයන් ද ජාත්‍යන්තර පාසල් මළල ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකත්වය සපයයි.


මීටර 200 - 16 න් පහළ (බාලිකා)
ධනංජනා ප්‍රනාන්දු - තත්. 25.78

මීටර 100 කඩුලු පැන දිවීම - 16 න් පහළ (බාළිකා)
ඉන්දුනී චමත්කා - තත්. 16.70

මීටර 110 කඩුලු පැන දිවීම - 18 න් පහළ (බාලක)
අනූක් කත්‍රිආරච්චි - තත්. 15.31

මීටර 100 කඩුලු පැන දිවීම - 18 න් පහළ (බාලිකා)
නෙහන්සා පරණලියනගේ - තත්. 16.05

කවපෙත්ත විසිකිරීම - 20 න් පහළ (බාලක)
ජෙරිල් පිලිප්ස් - මීටර 38.21

දුර පැනීම - 14 න් පහළ (බාලිකා)
දිලිණි රාජපක්‍ෂ - මීටර 4.92

උස පැනීම - 16 න් පහළ (බාලක)
තරූෂ මෙන්ඩිස් - මීටර 1.93

උස පැනීම - 16 න් පහළ (බාලිකා)
ඔමින්දි සෙහත්මා - මීටර 1.55

මීටර 800 - 20 න් පහළ (බාලිකා)
සෙත්මි කෞෂිකා - විනාඩි 2 තත්. 28.55

මීටර 800 - 20 න් පහළ (බාලක)
ඇන්ජලෝ බෙනඩික් - විනාඩි 1, තත්. 57.73

මීටර 800 - 18 න් පහළ (බාලිකා)
ෂෙයින්යා පෙරේරා - විනාඩි 2, තත්. 27.03

කවපෙත්ත විසිකිරීම - 20 න් පහළ (බාලිකා)
ඔමානා විජේරත්න - මීටර 35.05

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

- 213

 


අදහස් (0)

පළමු දිනයේ නව වාර්තා 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.