Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පූර්ණගේ පිතිහරඹය ගුරුකුලය ඔසවා තබයි
2023 මහ ක්‍රිකට් තරග

පූර්ණගේ පිතිහරඹය ගුරුකුලය ඔසවා තබයි

editorial - 2023 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැත්වෙන 33 වැනි ‘කැලණි සටන’ මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (14 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගුරුකුල විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පූර්ණ කල්හාර ලකුණු 80 ක් රැස්කළ අතර ගුරුකුල ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඩ් මුර්ෂාඩ් ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී දැවී ගියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුරුකුල විදුහලට ආරාධනා කර සිටියේය.


ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 51.1 කදී කඩුලු 9 කට 200
(පූර්ණ කල්හාර 80, මොහොමඩ් මුර්ෂාඩ් 48, ජනිත් ෂෙහාන් 26, සතිඳු ප්‍රබෝද 44/4, හෙලංක විඳුරංග 34/3, කවිඳු උමයංග 17/2)

-036


අදහස් (0)

පූර්ණගේ පිතිහරඹය ගුරුකුලය ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.