Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ලකුණු 212 ක ඉලක්කයක්
කේප්ටවුන්හිදී

දකුණු අප්‍රිකාවට ලකුණු 212 ක ඉලක්කයක්

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගපන්දු යවන්නන් වන මාකෝ ජැන්සන් (36/4), ලුන්ගි න්ගිඩි (21/3) සහ කගිසෝ රබාඩාගේ (53/3) විශිෂ්ට පන්දු යැවීම හමුවේ කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (13 වැනිදා) සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 198 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හිමිවිය.

රිෂාබ් පාන්ට් සිව්වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් හුදකලා සටනක නිරත වු නමුත් සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ඉන්දීය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය. මිනිත්තු 236 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි රිෂාබ් පාන්ට් හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබාගනිමින් ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය.

නායක විරාට් කෝලී ලකුණු 29 ක් ලබාගත් අතර දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව පසුකිරීමට සෙසු ඉන්දීය පිතිකරුවන්ට අවස්ථාවක් හිමි නොවූහ.

ලකුණු 58 කට කඩුලු 4 ක් දැවී තිබියදී විරාට් කෝලී සහ රිෂාබ් පාන්ට් එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිම ගොඩනැගීමට උත්සහ කළේය. නමුත් කෝලීගේ දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවට තිත තැබුණි.

මාකෝ ජැන්සන් කඩුලු 4 ක් ද, ලුන්ගි න්ගිඩි සහ කගිසෝ රබාඩාගේ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දියාව ලකුණු 57 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය.

 

ඉන්දියා පළමු ඉනිම - සියලු‍දෙනා දැවී 223

(චෙතේෂ්වර් පුජාරා 43, විරාට් කෝලී 79, රිෂාබ් පාන්ට් 27, කගිසෝ රබාඩා 73/4, මාර්කෝ ජැන්සන් 55/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 210

(කේෂව් මහරාජ් 25, කීගන් පීටර්සන් 72, රසී වැන්ඩර් ඩසන් 21, ටෙම්බා බවුමා 28, ජස්ප්‍රීට් බුම්රා 42/5, මොහොමඞ් ශාමී 39/2, උමේෂ් යාදව් 64/2)

ඉන්දියා දෙවැනි ඉනිම - සියලු‍දෙනා දැවී 198

(විරාට් කෝලී 29, රිෂාබ් පාන්ට් නොදැවී 100, මාකෝ ජැන්සන් 36/4, ලුන්ගි න්ගිඩි 21/3, කගිසෝ රබාඩා 53/3)


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 212 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.