Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික්ගේ වීසා යළිත් අවලංගු කරයි

ජොකොවික්ගේ වීසා යළිත් අවලංගු කරයි

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඩ්-19 ප‍්‍රතිරෝධී එන්නත් නොලබා රට තුළ රැඳී සිටීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක නොවැක් ජොකොවික්ගේ විසා බලපත‍්‍රය දෙවැනි වරටත් අවලංගු කිරීමට  ඕස්ටේ‍්‍රලියාවේ ආගමන සහ විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් මහතා පියවර ගත්තේය. ‘සෞඛ්‍ය සහ යහපත් කි‍්‍රයාමාර්ග’ යන කරුණු සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඉන් අදහස් වන්නේ  ඕනෑම අවස්ථාවක ජොකොවික්  ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කිරීමට ඔවුන්ට බලය ඇති බවද බී.බී.සී. පුවත් සේවය කියයි.

”අද මම මගේ බලතල උපයෝගී කරගනිමින් ජොකොවික් මහතාගේ වීසා බලපත‍්‍රය අවලංගු කිරීමට මම පියවර ගත්තා. මහජනතාවගේ යහපත වෙනුවෙන් තමයි මම ඒ තීරණය ගත්තේ. නීතිය කාටත් පොදුයි.” යැයි  ඕස්ටේ‍්‍රලියාවේ ආගමන සහ විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් මහතා අද (14 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව 34 හැවිරිදි හැවිරිදි සර්බියානු ජාතික ජොකොවික්ට තවදුරටත්  ඕස්ටේ‍්‍රලියාවේ රැුදී සිටීම සඳහා යළිත් වරක් අධිකරණයේ සහාය පැතීමට සිදුවනු ඇත. එහෙත්  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ මූලික වටය ලබන සඳුදා (17 වැනිදා) ආරම්භ වන බැවින් ඉන් පෙර ඔහුට අධිකරණය නියෝගයක් ලබාගැනීමට අපහසු වනු ඇත.

මෙම සිදුවීමත් සමග ජොකොවික්ට  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළුවීම සඳහා වසර 3 ක තහනමක් පැනවීමේ අවදානමක්ද පවතින අතර එසේ වුවහොත් ඔහුට මෙම වසරේ  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලිය පමණක් නොව ඉදිරි වසර තුනේදී පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලිද අහිමිවනු ඇත.

වසර 2022  ඕස්ටේ‍්‍රලියානු විවෘත ශූරතාව දිනාගැනීමට ජොකොවික් සමත් වූවා නම් එය ඔහු එම ශූරතාවට හිමිකම් කියන 10 වැනි අවස්ථාවයි. එමෙන්ම ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් කී‍්‍රඩකයා බවට පත්වීමේ තනි අයිතියට හිමිකම් කීමටද ඔහුට හැකියාව තිබිණ. මේ වන විට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20 ක් ජයගෙන සිටින ජොකොවික්, ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කී‍්‍රඩකයන් වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤයේ රෆායල් නඩාල් සමග සම ලෝක වාර්තාවකට හිමිකම් කියයි.

ජනවාරි මස 6 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළුවීමේදී ද්විත්ව එන්නත්කරණ සහතිකය හෝ වෛද්‍ය නිදහස් කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය පළමු වරට අවලංගු කළ  ඕස්ට්‍රේලියානු ආගමන සහ විගමන නිලධාරීන් ඔහු යළි සර්බියාව වෙත පිටුවහල් කිරීමට සූදානම් වුවද, ඊට එරෙහිව නඩු මගට පිවිසීමට ජොකොවික් පියවර ගත්තේය.

මෙල්බර්න් අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව ජොකොවික් නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා, ඔහුගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු තත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දුන්නේය. කෙසේ වුවත් එන්නත්කරණ සහතිකය නොමැති වීම නිසා  ඕනෑම අවස්ථාවක ආගමන සහ විගමන අමාත්‍යවරයාට ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය අවලංගු කර ඔහුව සර්බියාවට පිටුවහල් කිරීමට පූර්ණ බලතල තිබිණ.

 


-036

 


අදහස් (0)

ජොකොවික්ගේ වීසා යළිත් අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.