Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 පාකිස්තානය අවසන් පූර්ව වටයට
බංග්ලාදේශ - පාකිස්තාන තරගය

පාකිස්තානය අවසන් පූර්ව වටයට

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් වාර්තා කළ පාකිස්තානය මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී පන්දු 11 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. පන්දු 14 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 24 ක් රැස්කළ ශාන් මසූද් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක බාබර් අසාම් (25) සහ මොහොමඩ් රිස්වාන් (32) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. පන්දු 33 කදී වාර්තා වූ බාබර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 32 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිම හතරේ පහර 2 කින්ද සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ශහීන් අෆ්රිඩි ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නජ්මුල් හොසේන් පන්දු 48 කදී ලකුණු 54 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශෆීන් අෆ්රිඩි සිය ඕවර 4 ලකුණු 22 කට සිමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේ බංග්ලාදේශ ඉනිම අඩ පණ කරමිනි. එහිදී ඔහුට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත් අතර හාරිස් රවුෆ් සහ ඉෆ්තිකර අහමඩ් කඩුල්ල බැගින් බිඳහෙළුහ.


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 8 කට 127
(නජ්මුල් හොසේන් 54, සෞම්‍ය සාකර් 20, අෆීෆ් හොසේන් නොදැවී 24, ශහීන් අෆ්රිඩි 22/4, ශදාබ් ඛාන් 30/2)

පාකිස්තානය - ඕවර 18.1 කදී කඩුලු 5 කට 128
(මොහොමඩ් රිස්වාන් 32, බාබර් අසාම් 25, මොහොමඩ් හාරිස් 31, ශාන් මසූද් නොදැවී 24)

 

-036

 


අදහස් (0)

පාකිස්තානය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.