Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 නවසීලන්තය කඩුල්ලෙන් පනී
නවසීලන්ත - අයර්ලන්ත තරගය

නවසීලන්තය කඩුල්ලෙන් පනී

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

වමතින් වේග පන්දු යවන ජොෂ් ලිට්ල්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබාගත් නමුත් අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තය ලකුණු 35 ක ජයක් ලබාගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 186 ක ඉලක්කයක් කරා ගිය අයර්ලන්ත කණ්ඩායම ලොකී ෆර්ගසන් (22/3), මිචෙල් සෑන්ට්නර් (26/2) සහ ඉෂ් සෝදි (31/2) තිදෙනාගේ පන්දු යැවීම හමුවේ ලකුණු 150 කට සීමා විය. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.

යම් හෙයකින් මෙම තරගයේදී නවසීලන්තය පරාජය වූයේ නම්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටියද, ප්‍රසාද ලකුණු 5 ක් බැගින් වන කණ්ඩායම් සංඛ්‍යාව 4 ක් වන බැවින් නවසීලන්තයේ අවස්ථාවද අවදානමට ලක්වීමට තිබිණ. එහෙත් අද ලබාගත් ජයග්‍රහණයත් සමගින් නවසීලන්තයට ප්‍රසාද ලකුණු 7 ක් හිමිවන බැවින් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. පළමු වැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීම මේ වන විට එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටනක් බවට පත්ව තිබේ.

විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී, ලකුණු 186 ක් යනු අසීරු ඉලක්කයකි. එසේ වුවත් හොඳ ආරම්භයක් ලබාගත් පෝල් ස්ටර්ලිං (37) සහ නායක ඇන්ඩි බැල්බිරින් (30) පන්දු 49 කින් ලකුණු 68 ක් එක්කළහ. ඇන්ඩිගේ ඉනිම නිමාකළ මිචෙල් සෑන්ට්නර්, එතැන් සිට නවසීලන්ත පිතිකරුවන්ට තර්ජනයක් වූයේය. මිචෙල්ට අගනා සහයෝගයක් දුන් ඉෂ් සෝදි සහ වේග පන්දු යවන ලොකී ෆර්ගසන් අයර්ලන්තයේ කඩුලු 5 ක් ලකුණු 34 ක් තුළදී බිම දැමූහ.

ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තද එයින් සිදුවූයේ නවසීලන්තයේ මැද පෙළ පිතිකරුවන්ගේ වේගය අඩාළ වීම පමණි. කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර වූ කේන් විලියම්සන් දැවී යන විටත් ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 174 ක් වී තිබිණ.  

නවසීලන්තය මෙවන් ප්‍රබල තත්ත්වයට කැඳවාගෙන එන ලද්දේ විලියම්සන් (61) සහ ඩැරිල් මිචෙල් (නොදැවී 31) දෙදෙනා විසිනි. පන්දු 31 කට පමණක් මුහුණ දෙමින්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක්කළ විලියම්සන් සහ මිචෙල් දෙදෙනා 13 වැනි ඕවරයේදී නැවතත් තරගයට අවතීර්ණවීමට උත්සාහ කළ අයර්ලන්ත පන්දු යවන්නන්ගේ අපේක්‍ෂා සුන්නත්දූකර දැමූහ.

ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවීමට පෙර, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆින් ඇලන් (32) සහ ඩෙවොන් කොන්වේ (28) නවසීලන්තය වෙනුවෙන් කදිම අත්තිවාරමක් දමා දුන්හ.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 185 යි
(ෆින් ඇලන් 32, ඩෙවොන් කොන්වේ 28, කේන් විලියම්සන් 61, ග්ලෙන් පිලිපස් 17, ඩැරිල් මිචෙල් නොදැවී 31, ජොෂ් ලිට්ල් 22/3, ගැරත් ඩෙලානි 30/2)

අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 150 යි
(පෝල් ස්ටර්ලිං 37, ඇන්ඩි බිල්බරීන් 30, ලෝකන් ටකර් 13, ගැරත් ඩෙලානි 10, ජෝර්ජ් ඩොක්රල් 23, ටිම් සවුති 29/2, ලොකී ෆර්ගසන් 22/3, මිචෙල් සෑන්ට්නර් 26/2, ඉෂ් සෝදි 31/2)


අදහස් (0)

නවසීලන්තය කඩුල්ලෙන් පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.