Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 කෝලි - පාණ්ඩ්‍යා එංගලන්තයට තලති
ඉන්දියා - එංගලන්ත 2වැනි අවසන් පූර්ව තරගය

කෝලි - පාණ්ඩ්‍යා එංගලන්තයට තලති

දමින්ද විජේසූරිය - 2022 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් ඕවර 5 දී ඉවක් බවක් නැතිව එංගලන්ත පන්දු යවන්නන්ට පහර දුන් හර්දික් පාණ්ඩ්‍යා ඕස්ටේ්‍රලියාවේ අඩිලේඞ් නුවරදී අද (10 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 6 කට ලකුණු 168 ක් දක්වා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියේය. පාණ්ඩ්‍යා පන්දු 33 කින් ලබාගත් ලකුණු 63 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය. 

ඉනිමේ අවසන් පන්දුවටත් පාණ්ඩ්‍යා අලංකාර හතරේ පහරක් ගැසූ නමුත් එම පහර කරා යාමේදී පාණ්ඩ්‍යාගේ පාදය කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහුටත් ඉන්දීය කණ්ඩායමටත් ලකුණු 4 අහිමි විය. 

ඉන්දීය කණ්ඩායම ඕවර 15 ක් නිමාවේදී ලබා සිටියේ කඩුලු 3 කට ලකුණු 100 ක් පමණි. ඒ වන විට පන්දු 35 කින් ලකුණු 43 ක් ලබා සිටි විරාට් කෝලි සමගින් එක්ව අවසන් ඕවර 5 දී ඇදහිය නොහැකි ප්‍රහාරයක් ආරම්භ කළ පාණ්ඩ්‍යා තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියේය. 
මෙම තරගාවලියේ තමාගේ හතරවැනි අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි සහ පාණ්ඩ්‍යා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 61 ක් වුවද ඒ වෙනුවෙන් වැයවූයේ පන්දු 28 ක් පමණි. ආරම්භයේ සිටම මහත් පාලනයකින් යුතුව පන්දු යැවූ ක්‍රිස් ජොර්ඞ්න් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුගේ අවසන් ඕවර දෙකේදී පාණ්ඩ්‍යා ලකුණු 28 ක් උදුරා ගත්තේය. 

මාක් වුඞ් සහ ඬේවිඞ් මැලන් දෙදෙනාටම ආබාධ හේතුවෙන් මෙම තරගය අහිමි විය. ඒ හේතුවෙන් පන්දු යැවීම ආරම්භ කළ බෙන් ස්ටෝක්ස්ගෙන් ඉන්දීය පිතිකරුවෝ පහසුවෙන් ලකුණු ලබාගත්හ. එහෙත් මේ වනවිට විස්සයි-20 පිටියේ හොඳම පිතිකරුවා වන සූර්යකුමාර් යාදව් ලකුණු 14 කට දැවියාම ඉන්දියානුවන් අපේක්‍ෂා නොකළ විපතක් විය. 

විරාට් කෝලි සිය 4000 වැනි වි-20 අන්තර්ජාතික ලකුණ ලබාගන්නා විටත් ඉන්දියාව යන්තමින් ලකුණු 100 පසුකළා පමණි. පන්දු 39 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ ඉන්දීය පිලේ හිටපු නායකයා, මෙවර ලෝක කුසලන තරගාවලියේදී මෙතෙක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 296 කි. එහෙත් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව යැවුණු පන්දුවේදී අදිල් රෂීඞ් විසින් රැකගන්නා ලද උඩපන්දුවක් හේතුවෙන් කෝලි දැවී ගියේය. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ට 168 යි
(රෝහිත් ෂර්මා 27, විරාට් කෝලි 50, සූර්යකුමාර් යාදව් 14, හාර්දික් පාණ්ඩ්‍යා 63, ක්‍රිස් ජෝර්ඞ්න් 43/3)

 


අදහස් (0)

කෝලි - පාණ්ඩ්‍යා එංගලන්තයට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.