Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 එංගලන්තය පන්දු යැවීම තෝරාගනී
ඉන්දියා - එංගලන්ත 2වැනි අවසන් පූර්ව තරගය

එංගලන්තය පන්දු යැවීම තෝරාගනී

editorial - 2022 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 

සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 4 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලස ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසියේය. එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වෙමිනි.

ඉන්දීය කණ්ඩායම 
රෝහිත් ශර්මා (නායක), ලෝකෙෂ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, හර්දීක් පාණ්ඩ්‍යා, රිෂාබ් පාන්ට්, අක්සර් පටේල්, රවිචන්ද්‍රන් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි සහ අර්ෂ්දීප් සිං 

එංගලන්ත කණ්ඩායම 
ජෝස් බට්ලර් (නායක), ඇලෙක්ස් හේල්ස්, පිලිප් සෝල්ට්, බෙන් ස්ටෝක්ස්, හැරි බෘක්, ලයෑම් ලිවිංග්ස්ටන්, මුයින් අලී, සෑම් කරන්, ක්‍රිස් ජෝඩාන්, ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රෂීඩ් 

-036


අදහස් (0)

එංගලන්තය පන්දු යැවීම තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.