Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක්
නවසීලන්ත - අයර්ලන්ත තරගය

අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක්

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වමතින් වේග පන්දු යවන ජොෂ් ලිට්ල්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබාගත් නමුත් අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.

ලිට්ල් කඩුලු ත්‍රිත්වය දවාගත්තද එයින් සිදුවූයේ නවසීලන්තයේ මැද පෙළ පිතිකරුවන්ගේ වේගය අඩාළ වීම පමණි. කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර වූ කේන් විලියම්සන් දැවී යන විටත් ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 174 ක් විය.

නවසීලන්තය මෙවන් ප්‍රබල තත්ත්වයට කැඳවාගෙන එන ලද්දේ විලියම්සන් (61) සහ ඩැරිල් මිචෙල් (නොදැවී 31) දෙදෙනා විසිනි. පන්දු 31 කට පමණක් මුහුණ දෙමින්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක්කළ විලියම්සන් සහ මිචෙල් දෙදෙනා 13 වැනි ඕවරයේදී නැවතත් තරගයට අවතීර්ණවීමට උත්සාහ කළ අයර්ලන්ත පන්දු යවන්නන්ගේ අපේක්‍ෂා සුන්නත්දූකර දැමූහ.

ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවීමට පෙර, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆින් ඇලන් (32) සහ ඩෙවොන් කොන්වේ (28) නවසීලන්තය වෙනුවෙන් කදිම අත්තිවාරමක් දමා දුන්හ.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 185 යි
(ෆින් ඇලන් 32, ඩෙවොන් කොන්වේ 28, කේන් විලියම්සන් 61, ග්ලෙන් පිලිපස් 17, ඩැරිල් මිචෙල් නොදැවී 31, ජොෂ් ලිට්ල් 22/3, ගැරත් ඩෙලානි 30/2)


අදහස් (0)

අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.