Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේල්ස් කුමරුවෝ ජය පෙනි පෙනී නවතිති

වේල්ස් කුමරුවෝ ජය පෙනි පෙනී නවතිති

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති සාම්ප්‍රදායික දෙදින තරගය ඊයේ (5 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹා යමින් සිටි වේල්ස් කුමරුවෝ තරගය නිමාවට පත්වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියහ.

එහිදී ඉසිපතන විදුහල් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 41 ක් රැස්කළ රන්දුනු ගංගානාත්, දෙවැනි ඉනිමේදී ලකුණු 88 ක් රැස්කළ අතර වේල්ස කුමර විදුහල් පළමු ඉනිමේදී ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

වේල්ස් කුමර විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් උනෙත් පීරිස් (53), ඉසිපතන විදුහල් ඉනිම් දෙකේදීම කඩුලු 2 බැගින් දවාගැනීමටද සමත් විය. එම විදුහලේම මිහිරු ධනංජය ඉසිපතන විදුහල් පළමු ඉනිමේදී ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 87   
(රන්දුනු ගංගානාත් නොදැවී 41, මිහිරු ධනංජය 31/5, උනෙත් පීරිස් 20/2)

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලු 9 ක් දැවී 186  
(උනෙත් පීරිස් 53, තරිඳු අමරසිංහ 45, අෂේන් ශානක 23, රන්ඳුනු ගංගානාත් 22/4, දිනුක අනුපමාල් 40/2, සිතුක ගුණවර්ධන 40/2)

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 59.5 කදී සියලු දෙනා දැවී 231   
(රුන්දුනු ගංගානාත් 88, යසිත් කළුපහණ 66, තිනුල ලියනගේ 32, තරිඳු අමරසිංහ 54/3, ප්‍රසන්න ලක්මිණ 66/3, උනෙත් පීරිස් 28/2)

වේල්ස් කුමර විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 8 ක් දැවී 117  
(තරිඳු අමරසිංහ 33, අෂේන් ශානක 28, සිතුක ගුණවර්ධන 30/3, දිනුක අනූපමාල් 43/3)

-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ ජය පෙනි පෙනී නවතිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.