Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සුනිල සංග්‍රාමය මහ ක්‍රිකට් තරගය 23 - 24

සුනිල සංග්‍රාමය මහ ක්‍රිකට් තරගය 23 - 24

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර 53 වැනි ‘සුනිල සංග්‍රාම’ ක්‍රිකට් තරගය අප්‍රේල් මස 23 සහ 24 දෙදින අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවැත්වේ.

සුනිල සංග්‍රාම ක්‍රිකට් වංශ කතාවේ අවසන් වරට පැවති 52 වැනි තරගය ඇතුළුව තරග 13 ක ජය ධර්මාශෝක විද්‍යාලය හිමිකර ගෙන ඇති අතර දේවානන්ද විද්‍යාලයට ජයගැනීමට හැකි වී ඇත්තේ එක් තරගයක් පමණි. ඒ 1966 වසරේදීය. තරග 38 ක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.  

ධර්මාශෝක විදුහල් කණ්ඩායම සසිදු මල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර දේවානන්ද විදුහල් කණ්ඩායම ෂෙහාන් වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලබයි.

මෙවර අන්තර් පාසල් පළමු කොටසින් තරග වැදුන ධර්මාශෝක විද්‍යාලය, තරග 5 කට ක්‍රීඩා කර ඉන් එක් තරගයක් ජය ගෙන, සෙසු තරග හතරම ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරගෙන ඇත.

මෙවර අන්තර් පාසල් දෙවැනි කොටසින් තරග වැදුණ දේවානන්ද විද්‍යාලය, තරග 7 කට ක්‍රීඩා කර ඉන් තරග 5 ක ජය ගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්ව තිබේ.

 


ධර්මාශෝක විදුහල් කණ්ඩායම.

 

දේවානන්ද විදුහල් කණ්ඩායම.

 


අදහස් (0)

සුනිල සංග්‍රාමය මහ ක්‍රිකට් තරගය 23 - 24

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.