Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආනන්ද - නාලන්දා තරගය වැස්සට සේදෙයි
සීමිත ඕවර ක්‍රිකට්

ආනන්ද - නාලන්දා තරගය වැස්සට සේදෙයි

editorial - 2023 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

ඉරිදා පස්වරුවේදී කොළඹට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවන් දෙකක් නිසා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති 46 වැනි සීමිත ඕවර සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අතහැර දැමීමට සිදුවිය. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන පී. ද එස්. කුලරත්න අභියෝග කුසලානය දෙපිලේ නායකයන් වන නෙත්ම සමරවීර (ආනන්ද) සහ චනුල් අතුකෝරළ (නාලන්දා) දෙදෙනාට සමසේ පිරිනැමිණ.

කාසියේ වාසිය දිනාගත් ආනන්ද කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. නාලන්දා ක්‍රීඩකයෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 252 ක් ලබාගත්හ. එහෙත් නාලන්දා ඉනිම නිමාවෙන් පසුව ඇදහැළුණු ධාරාණිපාත වර්ෂා දෙකක් හේතුවෙන් සවස් වරුවේ එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය.

නාලන්දා පිතිකරුවන් කිසිවකුට අර්ධ ශතකයක් ලබාගත නොහැකි වූ නමුත් පිටියට පිවිසි පිතිකරුවෝ 10 දෙනාගෙන් 8 දෙනක්ම ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත්හ. වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු රුසිරු විලෝචන පන්දු 66 කින් ලබාගත් ලකුණු 46 ට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක යෙදුණු යසිරු සමරකෝන් ලකුණු 18 කට දැවී ගියද විලෝචන සමග එක්වූ සදෙව් සමරසිංහ (33) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

ආනන්ද නායකයා පන්දු යවන්නන් හත් දෙනකු යොදවාගත් නමුත් නාලන්දා පිතිකරුවන් මෙල්ලකර ගැනීම දුෂ්කර විය. නාලන්දා පිතිකරුවෝ සිය ඉනිම හතරේ පහර 17 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කළහ.


නාලන්දා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ට 252 යි
(රුසිරු විලෝචන 46, කුෂ්මිත සිල්වා 41, සදෙව් සමරසිංහ 33, සජිත විතානගේ 29, අයේෂ් ශෂිමාල් 39/2)

ආනන්ද විද්‍යාලය - කිසිවකු නොදැවී 00 

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අදහස් (0)

ආනන්ද - නාලන්දා තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.