Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මොරටු රන් සටන ජය පැරදුමෙන් තොරයි

මොරටු රන් සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 72 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (28 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹායමින් සිටි ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියහ. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 49 කින් ලකුණු 58 ක් රැස්කිරීමට මහේන් සිල්වා සමත් විය.

එම අර්ධ ශතකයට අමතරව මෙම තරගයේදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් තරිඳු අමරසිංහ (68) සහ සුමල්ක ප්‍රනාන්දු (68) ද, ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් රයන් දිසානායක (55) ද අර්ධ ශතක ලබාගත්හ.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ සන්දේෂ් ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 41 කට කඩුලු 4 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 78 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය.


වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 149
(තරිඳු අමරසිංහ 68, රවිත් ජයසූරිය 28, සුමල්ක ප්‍රනාන්දු 22, සන්දේෂ් ප්‍රනාන්දු 41/4, මංජුල චන්තුක 16/3, නදීෂ් ප්‍රනාන්දු 34/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 158
(රයන් දිසානායක 55, සවිඳු රොද්‍රිගූ 36, ප්‍රින්ස් ප්‍රනාන්දු 43/4, කුංචන පෙරේරා 46/2)
   
වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 63.1 කදී කඩුලු 9 ක් දැවී 186
(සුමල්ක ප්‍රනාන්දු 68, ශිරාන් ප්‍රනාන්දු 34, තරිඳු අමරසිංහ 23, සන්දේෂ් ප්‍රනාන්දු 78/5, යේෂාන් අවිෂ්ක 16/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 103
(මහේන් සිල්වා 58, යෂාන් අවිෂ්ක නොදැවී 34, චෙනුල ප්‍රනාන්දු 27/2)

 


අදහස් (0)

මොරටු රන් සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.