Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තක්‍ෂිලා ඉනිම කඩා වැටෙයි

තක්‍ෂිලා ඉනිම කඩා වැටෙයි

editorial - 2022 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය අතර අද (10 වැනිදා) ආරම්භවූ 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 63 කට කඩුලු 9 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූතාවයට පත්ව සිටියේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ තිනෙත් සාලිංග ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම අඩපණ කර දැමීමට සමත්විය. තිනෙත්ට අනගි සහයක් ලබාදුන් අශේන් රොද්‍රිගූ ලකුණු 16 කට කඩුලු 2 ක් සහ රමෝද්‍ය රවිෂ්ක ලකුණු 10 කට කඩුල්ලක් දවාගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව පිළියන්දල මධ්‍ය විද්‍යලයට ගෙන දීමට සමත්වූහ.

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් දේෂාන් දිල්මිත් ලකුණු 24 ක් සහ නවෝද්‍ය ගිම්හාන නොදැවී ලකුණු 10 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට පිළියන්දල මැදි විදුහල් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

කාසියේ වාසිය දිනාගත් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

අශේන් රොද්‍රිගූ පන්දු 72 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් සහ සොනාත් එනුක පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂාන් නවංජන ලකුණු 20 කට කඩුලු 5 ක් සහ චිරන්ත දෙව්රුවන් ලකුණු 06 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ. නවෝද්‍ය ගිම්හානට එක් කඩුල්ලක් හිමිවිය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 128
(අශේන් රොද්‍රිගූ 30, සොනාත් එනුක 32, රෂාන් නවංජන 20/5, චිරන්ත දෙව්රුවන් 06/3)

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 63
(දේෂාන් දිල්මිත් 24, තිනෙත් සාලිංග 26/5, අශේන් රොද්‍රිගූ 16/2)


අදහස් (0)

තක්‍ෂිලා ඉනිම කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.