Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශා.පීතර ඉවත් වීමෙන් සහිරාට නිතරග ජයක්
ජනාධිපති කුසලාන රග්බි

ශා.පීතර ඉවත් වීමෙන් සහිරාට නිතරග ජයක්

editorial - 2025 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ වන විට මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධ චෝදනා හේතුවෙන් ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත්වීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පියවර ගෙන තිබේ. 

මෙම චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවත්, එබැවින් තම කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත් කරගන්නා බවත් ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගූ පියතුමන් ලිපියන් යොමු කරමින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 

තරගාවලියේ මූලික වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 51-08 ක ජයක් වාර්තා කළ ශාන්ත පීතර විදුහල, එළබෙන 3 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව පළමු අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. 

කෙසේ වුවත් පීතරයන්ගේ ඉවත්වීමත් සමග ජනාධිපති කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව තරගය අතහැර දැමීමට සිදුවන අතර එහිදී ඔවුන්ට එරෙහිව තරග වැදීමට නියමිතව සිටි සහිරා විදුහලට නිතරග ජයක් හිමිවනු ඇත. එම නිතරග ජයත් සමග සහිරා විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම බවටද පත්වනු ඇත.
 
මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 3 වැනිදා පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ජය ලබන කණ්ඩායමට එරෙහිව සහිරා විදුහල මෙම මස 9 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පළමු අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ශා.පීතර ඉවත් වීමෙන් සහිරාට නිතරග ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.