Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ධර්මරාජ - විද්‍යා විදුහල් තරගය සම වෙයි

ධර්මරාජ - විද්‍යා විදුහල් තරගය සම වෙයි

editorial - 2022 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ ⁣මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර ඊයේ (2 වැනිදා) පැවැති තරගය ලකුණු 15-15 ක් ලෙස සමව නිමාවට පත්විය.

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 07-05 ක් ලෙස පෙරමුණ ගැනීමට විද්‍යා විදුහල සමත් විය. එහිදී විද්‍යා විදුහල් ක්‍රීඩකයින් ගෝල දිනුමක්  මගින් ලකුණු රැස්කළ අතර ධර්මරාජ ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක මගිනි.

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ධර්මරාජ ක්‍රීඩකයෝ ගෝල දිනුමක් වාර්තා කරමින් දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට සමත් වූහ. එහෙත් විද්‍යා විදුහල් ක්‍රීඩකයන්ට එහිදී ලකුණු ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් පමණි.

තරගාවලියේ පළමු සතියේදී සහභාගි වූ තරග දෙකේදී මෙම කණ්ඩායම් දෙක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල හමුවේ පරාජයට පත් විය. දෙවැනි සතියේදී සහභාගි වූ තරගයද සම වීම හේතුවෙන් තවදුරටත් කණ්ඩායම් දෙකටම තවදුරටත් ජයග්‍රහණයකින් තොරව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටීමට සිදුවනු ඇත.

 


අදහස් (0)

ධර්මරාජ - විද්‍යා විදුහල් තරගය සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.