Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තර්ස්ටන් - මලියදේව - සහිරා - බෙනඩික් ජය ලබති
ඩයලොග් පාසල් රග්බි

තර්ස්ටන් - මලියදේව - සහිරා - බෙනඩික් ජය ලබති

editorial - 2022 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'බී' කාණ්ඩය යටතේ ඊයේ (2 වැනිදා) පැවති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන්, මරදාන සහිරා, කොටහේන ශාන්ත බෙනඩික් සහ කුරුණෑගල මලියදේව යන විදුහල් සමත් විය.

එහිදී තර්ස්ටන් විදහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්⁣තේය. කෙසේ වුවත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 37-36 ක් ලෙස එක් ලකුණකින් සුමංගල විදුහල පරාජය කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.

තර්ස්ටන් ක්‍රීඩකයන් එහිදී ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහර 3 ක් සමගින් ලකුණු රැස්කළ අතර සුමංගල ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක්, උත්සහක දිනුම් 4 ක්, දඬුවම් පහර 2 ක් සහ ඩ්‍රොප් ගෝලයක් සමගිනි. ලබාගත් උත්සාහක දිනුම් 4 න් එකක හෝ ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට සුමංගල විදුහල සමත් වූවා නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට වැඩි ඉඩක තිබිණ.

ශාන්ත ඇලවීෂියස් විදුහලට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගණයේදීම පැවැති තරගයෙන් මරදාන සහිරා ක්‍රීඩකයෝ ලකුණු 29-07 ක පහසු ජයක් ලැබූහ. එහිදී සහිරා විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සහක දිනුම් 3 ක් ලබගැනීමට සමත් වූ අතර ඇලවීෂියස් විදුහලට ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි.

ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව පැවැති තරගය ජයගැන්මට  ශාන්ත බෙනඩික් විදුහල සමත් වූයේ ලකුණු 10-03 ක් ලෙසිනි. එහිදී බෙනඩික් විදුහල උත්සාහාක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළ අතර ආනන්ද විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි.

කුරුණෑගල මලියදේව විදහල් ක්‍රීඩාංගණයේදී ලුම්බිණී විදුහල සහ මලියදේව විදුහල අතර  පැවැති තරගයද ඉතා තියුණු තරගයක් බවට පත්විය. කෙසේ වුවත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 15-14 ක් ලෙස එක් ලකුණකින් ලුම්බිණී විදුහල පරාජය කිරීමට මලියදේව ක්‍රීඩකයෝ සමත් වුහ.


සෙනසුරාදා (2 වැනිදා) පැවැති තරග
කොළඹ තර්ස්ටන් විදුහල විසින් ලකුණු 37-36 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදී.
මරදාන සහිරා විදුහල විසින් ලකුණු 29-07 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදී.
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ලකුණු 10-03 ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදී.
කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 15-14 ක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල පරාජය කරන ලදී.

 


අදහස් (0)

තර්ස්ටන් - මලියදේව - සහිරා - බෙනඩික් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.