Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ රාජකීය ජයක් ලබති
ඩයලොග් පාසල් රග්බි

රාජකීයයෝ රාජකීය ජයක් ලබති

editorial - 2022 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (2 වැනිදා) පැවති තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 53-00 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

මෙම තරගාවලියේදී රාජකීය විදුහල ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර මේ දක්වා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම තරගයක් ජයගත් ඉහළම ලකුණු පරතරයද මෙය විය. රාජකීය විදුහලේ නවීන් පෙරේරා තර⁣ගයේ දක්ෂම ක්‍රීඩකයා බවට පත්විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 32-00 වශයෙන් රාජකීය විදුහල ඉදිරියෙන් පසුවිය. එහිදී ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් සමගින් රාජකීය ක්‍රීඩකයෝ ලකුණු රැස්කළහ.

තරගයේ 11 වැනි විනාඩියේදී රාජකීය විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබා ගැනීමට පසිඳු හේෂාන් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට නබීල් යහිය සමත් විය. ඉන් නොනැවතුණු යහිය, 20 වැනි විනාඩියේදී රාජකීය විදුහලට ලැබුණු දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් ලකුණු තත්ත්වය 10-00 ක් දක්වා ඉහළ දැමීය.

තරගයේ 25 වැනි විනාඩියේදී නවීන් පෙරේරා ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට යහිය අපොහොසත් වූ නමුත් 27 වැනි විනාඩියේදී පසිඳු හේෂාන් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව ලකුණු තතත්වය 22-00 ලෙස ඉහළ ගියේය.

පළමු අර්ධය නිමා වීමට පෙර 32 සහ 34 වැනි විනාඩි වලදී රාජකීය විදුහල වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් ලබා ගැනීමට ෂෙනාල් අධිකාරම් සහ හස්නක හිග්ගොඩ සමත් වූහ. කෙසේ වුවත් එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට යහිය අපොහොසත් විය. ඒ අනුව ලකුණු 32-00 ක් ලෙස පළමු අර්ධය නිමාවට පත් විය.

දෙවැනි අර්ධයේදී රාජකීය විදුහල වෙනුවෙන් ගෝල දිනුම් 3 ක් වාර්තා විය.  රහල් විජේසේකර (37 වැනි විනාඩියේදී), සුපුන් ගම්ලත් (44 වැනි විනාඩියේදී) සහ හස්නක හිග්ගොඩ (65 විනාඩියේදී) එහිදී උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරමින් ඒවා ගෝල දිනුම් බවට පත්කරනු ලැබුවේ යහිය විසිනි.

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

රාජකීයයෝ රාජකීය ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.