Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පීතරයන්ට එරෙහිව විද්‍යාර්ථයෝ සටනට

පීතරයන්ට එරෙහිව විද්‍යාර්ථයෝ සටනට

editorial - 2022 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් හෙට (3 වැනිදා) බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ පළමු සතියේ පැවැති තරගයකදී ලකුණු 27-12 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට සමත් වූ ශාන්ත පීතර විදුහල, මේ වන විට ලකුණු 6 ක් ලබා ‘ඒ’ කාණඩයේ දෙවැනි අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

එහෙත් විද්‍යාර්ථ විදුහල එම සතියේ පැවැති තරගයකදී කොළඹ වෙස්ලි විදුහල හමුවේ ලකුණු 38-07 ක් ලෙස පරාජයට පත් විය. එබැවින් මේ වන විට ඔවුන් ලකුණු නොළබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි අනු කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවේ.

පළමු කොටසේ ‘බී’ කණ්ඩයේ තරගයක්ද හෙට පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත.

පළමු සතියේ පැවැති තරගයකදී ලකුණු 50-00 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. එහෙත් ශාන්ත සිල්වෙස්ටර් විදුහල එම සතියේ පැවැති තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විදුහල හමුවේ ලකුණු 47-14 ක් ලෙස පරාජයට පත් විය.

 


අදහස් (0)

පීතරයන්ට එරෙහිව විද්‍යාර්ථයෝ සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.