Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමසුවන් පරදවති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමසුවන් පරදවති

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ  ‘ඒ’ කොටස යටතේ අද (25 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 20-13 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-06 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ත්‍රිත්ව විදුහල ගෝල දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ අතර සාන්ත තෝමසුවෝ ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් මගිනි.

දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විදුහල් දඬුවම් පහරක් සාර්ථක කරගනිද්දී, ගෝල දිනුමක් වාර්තා කිරීමට සාන්ත තෝමසුවෝ සමත් වුවද තරගය ජයගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 20-13 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.

-036


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමසුවන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.