Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ සිව්වැනි ජය ලබති
ඩයලොග් පාසල් රග්බි

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ සිව්වැනි ජය ලබති

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (1 වැනිදා) පැවති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 35-20 ක ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. මූලික වටයේදී ශාන්ත ‍ජෝෂප් විදුහල ක්‍රීඩා කළ 5 වැනි තරගය මෙය වූ අතර එහිදී ඔවුන් ලැබූ සිව්වැනි ජයග්‍රහණයද මෙය විය.  

කොළඹ හැව්ලොක් ක්‍රී‍ඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. එහිදී ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ‍ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ‍ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලිශයක නිරත වූ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ එහිදී ලකුණු 20 ක් ලබාගැනීමට සමත් වෙද්දී, ශාන්ත අන්තෝනි විදුහලට දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලබාගත හැකි වූ‍යේ ලකුණු 3 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 35-20 ක් ලෙස තරගයේ ජය ශාන්ත ජෝෂප් විදුහල සතු විය.


අදහස් (0)

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ සිව්වැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.