Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි විදුහලට එරෙහිව රාජකීයයෝ තරග බිමට

වෙස්ලි විදුහලට එරෙහිව රාජකීයයෝ තරග බිමට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ සුපිරි වටයට ආරම්භ කරමින් කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල හෙට (6 වැනිදා) පස්වරු 4.15 ට කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

මූලික වටයේදී ‘ඒ-1’ අනු කාණ්ඩය යටතේ තරග වැදුණ රාජකීය විදුහල සහභාගි වූ තරග 5 කින් 4 ක් ජයගෙන එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි වටයට සුදුසුකම් ලබාගත්තේය. වෙස්ලි විදුහල සුපිරි වටයට පිවිසියේ සහභාගි වූ තරග 5 න් 3 ක් ජයගෙන ‘ඒ-2’ අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.

එහිදී ලකුණු 22-12 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද, ලකුණු 53-00 කින් මහනුවර කිංග්ස්වුඩ් විදුහලද, ලකුණු 20-08 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද, ලකුණු 17-03 කින් මරදාන ශාන්ත ජෝෂප් විදුහලද පරාජය කළ රාජකීයයෝ, ලකුණු 21-20 ක් ලෙස ත්‍රිත්ව විදුහල හමුවේ පරාජයට පත් වූහ.

මූලික වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 38-07 කද, ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 38-10 කද, මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව 31-08 කද ජයග්‍රහණය වාර්තා කළ වෙස්ලි විදුහල, එහිදී කොළඹ ඉසිපතන විදුහල හමුවේ ලකුණු 10-00 ක පරාජයක් ලැබීය. ඔවුන් සහභාගි වූ සෙසු තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමග ලකුණු 17-17 ක් ලෙස සම විය.


අදහස් (0)

වෙස්ලි විදුහලට එරෙහිව රාජකීයයෝ තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.