Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බ්ලෙඩිස්ලෝ කුසලාන නවසීලන්තයට

බ්ලෙඩිස්ලෝ කුසලාන නවසීලන්තයට

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැති රග්බි ටෙස්ට් තරගයකදී කිසිදු අනුකම්පාවකින් තොරව තරග වැදුණු සත්කාරක ඕල්ඞ් බ්ලැක්ස් ක්‍රීඩකයෝ ලකුණු 57 - 22 කින් ඕස්ට්‍රේලියාව පරාජය කළහ. බ්ලෙඩිස්ලෝ කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 8 ක් තබමින් ඕස්ට්‍රේලියානු (වොලබීස්) කණ්ඩායමට එරෙහිව තමන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළහ.

මීට පෙර නවසීලන්ත ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2017 දී ලබාගත් ලකුණු 54 කි.

දිගු දුර මෙහෙයුම් උත්සාහක දිනුම් දෙකක් අතරට ඬේමියන් මැකෙන්සි ගැසූ මීටර 57 ක යෝධ දඬුවම් පහරක්ද එකතු විය.

නවසීලන්තයේ ආක්‍රමණශීලී තරග රටාවට ඒ අකාරයෙන්ම පිළිතුරු දීමට උත්සාහ කළ ඕස්ට්‍රේලියානුවෝ ක්‍රීඩකයන් හා සෘජුවම ගැටණු අතර තරග තීරක බ්‍රෙන්ඩන් පිකරිල් මහතා දෙපිලටම තදින් අවවාද කළේය.

තරගයේ පළමු අර්ධයේදීත් නවසීලන්ත පිල 21-15 ක් ලෙසින් ඉදිරයෙන් සිටියේය. දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 5 ක් ලබාගත් නවසීලන්ත පිලට මැකෙන්සිගේ මීටර 57 දඬුවම් පහර එක්වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට බලා සිටීම හැර වෙන කළහැකි දෙයක් නොවීය. වොලබි පුහුණුකරු ඬේව් රෙනී මහතා කියා සිටියේ “නිදහසට කියන්න කිසිම දෙයක් නෑ” යනුවෙනි.

පසුගිය සතියේදී පැවැති පළමු තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ 33-25 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියහ.

තරගාවලියේ තුන්වැනි තරගය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිතය.

- 213

 


අදහස් (0)

බ්ලෙඩිස්ලෝ කුසලාන නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.