Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවට ආදරේ කරන රටක්

ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවට ආදරේ කරන රටක්

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක)

ආසියානු රග්බි සභාපති කයිස් අල් ධලායි මහතා ‘ඩේලි මිරර්’ පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රීඩාවේ සංවර්ධනය සහ ව්‍යාප්තිය සහතික කිරීම සඳහා තම සංගමයේ දැක්ම සහ කාර්යභාරය පිළිබඳව විස්තර කළේය. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය - කළාපීය රග්බි පරිපාලනයට සම්බන්ධ වීම සඳහා ඔබව පෙලඹවූයේ කුමක්ද?
පිළිතුර - මම වයස අවුරුදු 7 සිටන්ම ක්‍රීඩාවේ නිරත වෙනවා. අවුරුදු 19 ක් වෙනකන්ම මම පාපන්දු ක්‍රීඩා සමාජවලට සහ එක්සත් අරාබි එමීර් ජාතික කණ්ඩායම්වලය ක්‍රීඩා කළා. මම 2000 වසරේ පැවැති අවුරුදු 17 න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී මම මගේ රට නියෝජනය කළා.

2009 වසරේදී මම එක්සත් අරාබි එමීර් රග්බි සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් වුණා.  එතැන් සිට මම ආසියානු රග්බි සංගමයේ සාමාජිකයෙක් වුණා. 2013-2015 කාලසීමාව සඳහා විධායක සභිකයෙකු ලෙසත්, 2015-2017 කාලසීමාව සඳහා මහ ලේකම්වරයා ලෙසත් තේරී පත් වූණා.

මම අසියානු රග්බි සභාපති ලෙස තේරී පත් වුණේ 2019 නොවැම්බර් මාසයේදී. ලොව විශාලතම මහාද්වීපය වන ආසියා මහද්වීපයේ නැගෙනහිර සහ අග්නිදිග උප කලාපවලින් පිටත රටකින් සභාපතිවරයකු ලෙස තේරී පත්වූ පළමු වැනියා මමයි. එය ආසියානු රග්බි ඉතිහාසයේ පළමු අවස්ථාව වුවත්, ආසියාවේ සියලුම රටවල් මා කෙරෙහි තැබූ දැවැන්ත විශ්වාසය එයයි.


ප්‍රශ්නය - ලබන වසරේ (2023) ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවාද?
පිළිතුර - තරගාවලි පැවැත්වීමේදී ආසියානු රග්බි සම්මේලනය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. සත් සාමාජික රග්බි හෝ පහළොස් සාමාජික රග්බි හෝ වේවා සෑම තරගාවලියක් සඳහාම වාර්ෂික පදනමින් සියලුම රටවලට ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසලා තිබෙනවා. සරලවම කිව්වොත් අපගේ විවිධ තරග ඉසව්වල සත්කාරක අයිතිය හිමිවන්නේ හොඳම ලංසුවටයි.  


ප්‍රශ්නය - ක්‍රීඩාව ගෝලීයකරණය කිරීමේ බලවේගයක් ලෙස ආසියානු රග්බි සංගමයේ විෂය පථය ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර - ආසියානු රග්බි ක්‍රීඩාව සැලකෙන්නේ ගෝලීය වශයෙන් රග්බි ක්‍රීඩාවට විශාලතම දායකත්වය සපයන්නෙකු ලෙසයි. ආසියාව වශයෙන් ගත්තාම 2009 ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දක්වලා තිබෙනවා. 2019 රග්බි ලෝක කුසලානය සඳහා ජපානය සත්කාරකත්වය දක්වලා තිබෙනවා.

ඒ වගේම ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ අදියර 3 ක් ඩුබායිහිදි, හොංකොංහිදි සහ සිංගප්පූරුවේදී පවත්වලා තිබෙනවා. ඊට අමතරව 2021 වසරේ රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දැක්වූවා. 2023 රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් තරග පැවැත්වුණෙත්  ඩුබායිහිදි.

ආසියානු රග්බි තවමත් චීනය, කොරියාව සහ ඉන්දියාව වැනි ප්‍රධාන වෙළඳපොලවල ආර්ථික එන්ජිම ලෙස ක්‍රියා කරනවා. එසේම 2019 අවසානයේ ජාතික සම්මේලන 29 කින් සමන්විත වූ සාමාජිකත්වය මේ වන විට ජාතික සම්මේලන 36 ක් දක්වා වර්ධනය කිරීමට ආසියානු රග්බි සංගමයට හැකි වී තිබෙනවා.

 
ප්‍රශ්නය - කලාපීය සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉටු කරන කාර්යභාරය පැහැදිළි කළොත්?
පිළිතුර - රග්බි ක්‍රීඩාට ඇලුම් කරන ජනග්‍රහණයක් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටක් ලෙස සලකන්න පුළුවන්.  ක්‍රිකට් ක්‍රීඩාවට පසුව ශ්‍රී ලංකාවේ වඩාත් කතාබහට ලක්වන ක්‍රීඩාව බවට රග්බි ක්‍රීඩාව පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව මීට පෙර එච්.එස්.බී.සී. සත් සාමාජික රග්බි ලෝක තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා රග්බි තරගාවලිය, ආසියානු රග්බි ශූරතාවලිය වැනි තරගාවලිවලට සහභාගි වී තිබෙනවා. ඒ නිසා ආසියාවට සහ ලෝක රග්බි ක්‍රීඩාවට තවත් බොහෝ දේ පිරිනැමීමට අවශ්‍ය දක්ෂතා රාශියක් ශ්‍රී ලංකාව සතුව ඇති බව කියන්න පුළුවන්.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවට ආදරේ කරන රටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.