Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමක්

editorial - 2023 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ලෝක රග්බි සම්මේලනයේ විධායක කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව සාමාජිකත්වය යළිහිමිවන තෙක් ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රග්බි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වනු ඇත. 

ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක අධ්‍යක්ෂක හසාන් සිංහවංශ මහතා වෙත ලිපියක් යොමුකරමින් ලෝක රග්බි සම්මේලනයේ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රධානී ඩේවිඩ් කැරීගි මහතා මේ බව දැනුම් දී තිබේ. 

ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා, ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුලු පිරිසකටද ඩේවිඩ් මහතා එම ලිපියේ පිටපත් යවා ඇත. 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හරිමින් ඒ වෙනුවට රග්බි ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීමට පියවර ගත් අතර ඒ සමගම ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනමද ඉවත් කෙරිණි. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.