Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ස්පාඤ්ඤය තරගාවලියෙන් නෙරපයි
රග්බි ලෝක කුසලාන 2023

ස්පාඤ්ඤය තරගාවලියෙන් නෙරපයි

editorial - 2022 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී සුදුසුකම් නොලත් ක්‍රීඩකයකු යෙදාගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් ස්පාඤ්ඤ රග්බි කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට ලෝක රග්බි සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙහි ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ පෘතුගාලයට එරෙහිව පැවැති සුදුසුකම් තේරීමේ තරගය ජයගත් ස්පාඤ්ඤය තරගය ජයගැනීමෙන් පසුව ප්‍රීති ඝෝෂා කළ ආකාරයයි. එහෙත් ස්පාඤ්ඤ්ය තරගාවලියෙන් නෙරපා හැරීම නිසා පෘතුගාලයටද ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් ලැබී තිබේ.

වසර 24 කට පසුව ඉකුත් මාර්තු මාසයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ස්ථානයක් හිමිකරගත් නමුත්, මේ වන විට ඔවුන්ගේ ස්ථානය රුමේනියාවට ලබාදීමට ලෝක රග්බි සම්මේලනය කටයුතු කර තිබේ. මෙම වරද නිසාම ස්පාඤ්ඤයට ලෝක කුසලාන රග්බි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමු වූ දෙවැනි අවස්ථාව මෙය වේ. කෙසේ වුවත් ඔවුන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා තවත් දින 14 ක කාලයක් ඉතිරිව තිබේ.

මෙම වරද හේතුවෙන් යූරෝපීය කලාපයේ සුදුසුකම් වටයේදී ස්පාඤ්ඤයට දඬුවම් ලකුණු 10 ක් ලබා දීමටද තරග සංවිධායකයෝ කටයුතු කළහ. ඒ අනුව එම කළාපය යටතේ තරග වදින පෘතුගාලයටද මේ වන විට ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් හිමිව තිබේ.  

ස්පාඤ්ඤගේ ඉවත් වීමත් සමග රුමේනියාව ස්වයංක්‍රීයවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර පෘතුගාලයට නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අවසන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දක්වන දස්කම් අනුව තමන්ගේ ස්ථානය තහවුරු කරගත හැකි වනු ඇත.

රුමේනියාව අවසන් වරට ලෝක කුසලාන රග්බි තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේදී වන අතර පෘතුගාලය අවසන් වරට ලෝක කුසලාන රග්බි තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ 2007 වසරේදීය.

අදාල වරදට දඬුවමක් ලෙස ස්පාඤ්ඤයට පවුම් මිලියන 25,000 ක දඩයක් ගෙවීමට නියම කර ඇති අතර 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග නීති රීතිවලට අනුව නියම වී තිබූ අත්හිටවූ දඩයත් සමග මේ වන විට ඔවුන්ට පවුම් 50,000 ක මුදලක් ගෙවීමට සිදුව ඇත.


-036


අදහස් (0)

ස්පාඤ්ඤය තරගාවලියෙන් නෙරපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.