Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සබරගමුව පළාත් ශූරතාව තෙල්දූව මැදි විදුහලට
සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය

සබරගමුව පළාත් ශූරතාව තෙල්දූව මැදි විදුහලට

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ සබරගමුව පළාත් ශූරතාව දිනාගැනීමට තෙල්දූව මැදි විදුහල අද (30 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී කෑගලු විද්‍යාලයට එරෙහිව ලකුණු 26-05 ක පහසු ජයක් වාර්තා කරමින් තෙල්දූව මැදි විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

අවසන් මහ තරගයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සමග තෙල්දූව මැදි විදුහල ලකුණු රැස්කළ අතර කෑගලු විද්‍යාලයට එහිදී ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. කුසලාන අවසන් මහ තරගයේදී පරාජයට පත්වූ කෑගලු විද්‍යාලයට පළඟ ශූරතාව හිමිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තෙල්දූව මැදි විදුහලේ දසුන් මීවල සම්මාන දිනා ගත්තේය. 

පළමු අවසන් පූර්ව තරගයේදී ඇහැලියගොඩ මැදි විදුහලට එරෙහිව ලකුණු 26-24 ක ජයක් වාර්තා කරමින් තෙල්දූව මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෑගලු විද්‍යාලය අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 36-21 ක් ලෙස දෙහිඕවිට මැදි විදුහල පරාජය කරමිනි. 

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් රුවන්වැල්ල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ බඳුන අවසන් මහ තරගයේදී ඇහැලියගොඩ මැදි විදුහල හමුවේ ලකුණු 17-15 ක් ලෙස දෙහිඕවිට මැදි විදුහලත්, පළිහ අවසන් මහ තරගයේදී රාජසිංහ මැදි විදුහල හමුවේ ලකුණු 17-07 ක් ලෙස මාවනැල්ල සහිරා විදුහලත් පරාජයට පත්විය. 

මේ වන විට මෙම තරග මාලාවේ බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් තරගාවලි අවසන් වී ඇති අතර දකුණු පළාත් තරගාවලිය හෙට (31 වැනිදා) ගාල්ල ශාන්ත ඇලවීෂීයස් විදුහල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. 

කුසලාන ශූරතාව සහ පළඟ ශූරතාව 
තෙල්දූව මැදි විදුහල විසින් ලකුණු 26-05 ක් ලෙස කෑගලු විද්‍යාලය පරාජය කරන ලදි. 

බඳුන ශූරතාව 
ඇහැලියගොඩ මැදි විදුහල විසින් ලකුණු 17-15 ක් ලෙස දෙහිඕවිට මැදි විදුහල පරාජය කරන ලදි. 

පළිහ ශූරතාව 
රාජසිංහ මැදි විදුහල විසින් ලකුණු 17-07 ක් ලෙස මාවනැල්ල සහිරා විදුහල පරාජය කරන ලදි. 

 


අදහස් (0)

සබරගමුව පළාත් ශූරතාව තෙල්දූව මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.